අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික රෝහල් නියාමන සැලසුම දෙමසක් තුළ

    ජනවාරි 17, 2017
    පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ සැලසුම් සහිත වාර්තාව ඉදිරි මාස 02 තුළ සකස් කර අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියට උපදෙස් ලබා දී ඇත. එම වාර්තාව ජාත්‍යන්තර සමාගමක් වන කේ.පී.එම්.ජී ආයතනය විසින් සකස් කරනු ලබයි. 
     
    පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ දී වෛද්‍ය පරික්ෂණ, ශල්‍යකර්ම, බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම, ඖෂධ අළෙවිය ඇතුලු සෑම ක්ෂේත්‍රයක් ම නියාමනය කිරිමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලදී. මේ අතර පෞද්ගලික රෝහල් පරීක්ෂා කිරීම සඳහා හදිසි වැටලීම් අංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, සහකාර ලේකම් සහ අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය බලතල පැවැරිම සඳහා ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතය. එම ගැසට් පත්‍රය ලබන සතියේ දී නිකුත් කරන බව පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය මෙහිදී ප්‍රකාශ කරන ලදී. 
     
    මේ අතර අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩුවීමෙන් පසු දිවයින පුරා සියලු ම ෆාමසිවලින් ඖෂධ මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට බිල්පතක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත. 
     
    ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි සකස් කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී‍ෛවෛද්‍ය කමල් ජයසිංහ මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya