මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවාව තුළ උපාධිධාරියා සිරකිරීම රජයේ අරමුණ නොවේ - නිරෝෂන් පෙරේරා

    ජනවාරි 17, 2017
    මෙරට සිවිල් වැසියන් 16දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු බැගින් රාජ්‍ය සේවකයන් සිටින බවත් එසේ වුවද රාජ්‍ය සේවාව ආරක්ෂම බවත් එවැනි ආකාර්යක්ෂම රාජ්‍ය සේවාවක් තුළ කාර්යක්ෂම උපාධිධාරියෙකු සිරකර තැබීම වත්මන් යහපාලන රජයේ අරමුණක් නොවන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දෙයි.
     
    ඒ මහතා මේ බව පෙන්වා දෙන්නේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
     
    "සංඛ්‍යාත්මකව රාජ්‍ය සේවය ඉහළ ගිය ද එහි කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවයපෞද්ගලික අංශය සමඟ සැසඳීමේ දී පවතින්නේ ඉතා කණගාටුදායක තත්ත්වයකි. අද වන විට එය රටේ ආර්ථිකයට දරාගත නොහැකි අසමතුලිත සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ජනතාවගේ බදු මුදල් ලක්ෂ ගණනින් වැය කොට නිර්මාණය කරනු ලබන උපාධිධාරියා රාජ්‍ය සේවයට පමණක් නියුක්ත කර මුළු ජීවිත කාලයම ජනතා බදු මුදලින් වැටුප් ලබන්නෙකු බවට පත් කිරීමට මෙම සම්ප්‍රදායික මතධාරීන් සමාජය පොළෂවයි. එහෙත් දියුණු ආර්ථික සංකල්පය එය නොවේ. උසස් අධ්‍යාපනය තුළින් බිහි කරන මානව ප්‍රාගුන්ය රටේ සක්‍රීය නිෂ්පාදනයට දායක කරගැනීම නූතනවාදී සමාජය පිළිගන්නා ක්‍රමවේදයයි. 
     
    ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍යවරයා සෑම මොහොතකම අප මෙහෙයවන්නේ එම නිෂ්පාදන ආර්ථිකය වෙතයි. අපගේ ඉලක්කය වන්නේ විදෙස් ආයෝජන මෙන් ම දේශය ආයෝජන රට තුළට ගෙන එමින් ඇතිවන රැකියා පරිසරය තුළ උපාධියක් සමඟ සමාජ ගතවන මානව සම්පත ඵලදායි ලෙස රටේ ගමන් මගට දායක කර ගැනීමයි".
     
    හම්බන්තොට කර්මාන්ත කාලපය, මහනුවර, මොනරාගල, වැල්ලවාය සංවර්ධන කලාප, දිවුලපිටිය සහ මීරිගම ආශ්‍රිත කර්මාන්ත කලාප පමණක් නොව ඉරණවිල, කල්පිටිය, බිංගිරිය, කුලියාපිටිය ප්‍රදේශවල සංචාරක කළාප ගොඩනඟන්නේ මේ දියුණු මානව සම්පත් වෙනුවෙන් බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍යවරයා රජයේ සමතුලිත ආර්ථික ප්‍රතිපත්තිය මත චීනය ඉන්දියාව, සිංගප්පූරුව, යුරෝපය මෙන් ම ඇමෙරිකාවේ වෙළෙඳපොළ වෙත ද අපගේ අවධානය යොමුව ඇත්තේ මෙරට පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩි අවස්ථා ලබාගැනීමේ අරමුණින් බවත් අවාධාරණය කරයි.
     
    2016 වසරේ දී පමණක් වත්මන් රජය උපාධිධාරීන් සඳහා රැකියා දසදහසක් ලබාදී ඇති බවත් බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් අරමුණු විරහිත සංගම් යහපාලන රජය රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දී නොමැති බවට අවලාද නගන බවත් පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා එවැනි සංගම් මෙවැනි ප්‍රකාශ කරන්නේ රජය පිළිබඳ වැරදි ආකල්පයන් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණින් බවත් පෙන්වා දෙයි.
     
    මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් හසු නොවන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින රාජ්‍ය අමාත්‍යවරයා රජය අපහසුතාවයට පත්කරන මෙවැනි පිරිස්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya