අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් හා විදේශ රැකියා ඇමැති අතර හමුවක්

    ජනවාරි 17, 2017
    ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් බ‍්‍රයිස් හච්චසන් මහතා (Bryce Hutchesson) හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර ඊයේ (16) විදේශ රැකියා අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවති අතර, එහිදී  ඔස්ටේ‍්‍රලියානු රජයේ මැදිහත්වීම මත ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට මූලික සාකච්ඡා පවත්වන ලදී. 
     
    ඉදිරියේ දී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට සූදානම් බවත්,  සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ රැකියා සඳහා අවශ්‍ය ශ‍්‍රමිකයින් පුහුණු කිරීම හා සහතිකපත් නිකුත් කිරීම මෙම මධ්‍යස්ථානය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. 
     
    මීට අමතරව  ඔස්ටේ‍්‍රලියාවට නීති විරෝධී සංක‍්‍රමණිකයින් පැමිණිම වැළැක්වීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සතුටු වන බවත්, දැනට ශ‍්‍රී ලාංකිකයන්  ඔස්ටේ‍්‍රලියාවට නීති විරෝධී අයුරින් පැමිණිම අවම වී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය. 
     
    මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න, විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක, විදේශ රැකියා ඒජන්සියේ වැඩ බලන කලමනාකාරිණි චතුර්මා රණසිංහ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya