අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෝර්වේ ආධාර මත ජාතික ධීවර ප්‍රතිපත්තිය සැකසේ

    ජනවාරි 17, 2017
    ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය, සංරක්ෂණය හා කළමනාකරණය උදෙසා ස්ථිර ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහාය නොර්වේ රජය විසින් ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මෙතෙක් අප රටේ එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොවු අතර, දිනෙන් දිනම ධීවර හා ජලජ සම්පත් අවභාවිතය නිසා, එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට වර්තමානයේ අප රට මුහුණ දී ඇත. 
     
    මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සම්පත් සංරක්ෂණය කිරීම, කළමනාකරණය, අනාගත පරපුර සඳහා ධීවර හා ජලජ සම්පත් සුරක්ෂිත කර තැබීම, පාරිසරික සම්පතක් වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය කිරිමේ ඇති වටිනාකම් මහජනතාවට අවබෝධ කිරීම, සම්පත් උපරිම ඵළදායකත්වයක් ලැබෙන පරිදි නෙලා ගැනීම මෙන්ම, ධීවර හා ජලජ සම්පත් යනු ක්‍රමයෙන් හිඟවන සම්පතක් නිසා, ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම, නව නීති හදුන්වා දීම තුළින් එම සම්පත් සංරක්ෂණය කිරීම යනාදී කරුණු ගණනාවක් ඉළක්ක කර ගනිමින් මෙම ජාතික ධීවර ප්‍රතිපත්තිය සකස්කරන ලෙස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා උපදෙස් දී තිබේ.
     
    දැනට ලෝකයේ විශිෂ්ටතම ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේ නොර්වේ රටේ බැවින් අප රටේ ජාතික ධීවර ප්‍රතිපත්තිය සකස් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය වසරේ මෙරට සංචාරයක නිරත වු නෝර්වේ අගමැතිනි අර්නා සොල්බර්ග් මහත්මියගෙන් ඉල්ලා සිටියේය.
     
    ඒ අනුව, නෝර්වේ රජය විසින් එරට ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පුළුල් දැනුමක් ඇති විද්වතුන් කණ්ඩායමක් අප රටට එවනු ලැබීය. මේ වනවිට එම පිරිස අප රටේ විද්වතුන් හා එක්වෙමින් අදාල ජාතික ධීවර ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතුවල නිරත වී සිටිති. කෙසේ වුවද, මෙම වසර තුළ මෙම ජාතික ධීවර ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසත්, අදාල සියලු පාර්ශ්වවලින් තොරතුරු අදහස් යෝජනා ලබා ගනිමින් මෙම ප්‍රතිපත්තිය සකස් කරන ලෙසත්, රජයන් වෙනස් වු විට වෙනස් නොවන ජාතික ධීවර ප්‍රතිපත්තියක් හදුන්වාදිය යුතු බවත්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya