නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Buddhist Ideals of Good Governance ග්‍රන්ථය ජනපති ප්‍රධානත්වයෙන් ජනතාගත වෙයි

    ජනවාරි 16, 2017

    ලෝක රාජ්‍ය නායකයන්ට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ පරමාදර්ශ ජාත්‍යන්තරව ජනගත කිරීම උදෙසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ  ආගමික කටයුතු අධ්‍යක්ෂ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්පලාවල ධම්මරතන හිමියන් හා සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ෆැරැකොස් චෙන්ට් (Francois Chenet ) මහතා විසින් රචිත  Buddhist Ideals of Good Governance ග්‍රන්ථය අද (16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම සිදු විය.

     

    බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හීදී  ''යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලෝක ජනගත කිරීමේ උළෙල'' පැවැත්විණි.

     

    මෙම අවස්ථාවට අතිපූජ්‍ය මහාසංඝරත්නය ඇතුළු, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිලක මහතා, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, වරයා හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ඇතුළු විදේශ තානපතිවරුන් හා සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

     

     

    abu1

     

     

    abu2

    abu3

     

     

     

    abu4

     

    abu5

     

    ඡායාරූප- යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya