අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ ‍තොරතුරු නිලධාරීන් පත් කර අවසන් - ජනමාධ්‍ය ඇමැති

    ජනවාරි 16, 2017

    තොරතුරු පනත යටතේ දකුණු පළාත් සියලුම තොරතුරු නිලධාරීන් පත් කර අවසන් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. 

    තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) තංගල්ලේදී පැවැත්විණි.

     

    තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන සියලු ව්‍යාපෘති පිළිබඳ ජනතාවට තොරතුරු ලබා ගැනීමට හැකි වන අතර එම ව්‍යාපෘති විනිවිදභාවයෙන් ක්‍රියාත්මක වන බවත් මෙම පනත ක්‍රියාත්මක වීමේදී කෙටි කාලයක් තුළ විශාල වෙනසක් දැකිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ජනතාවට එකවර මෙම පනත පිළිබඳ දැනෙන්නේ නැති අතර මෙම පනත ක්‍රියාත්මක ‍වීමේදී පුරවැසියාට එහි හයිය දැන ගැනීමට හැකි වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණයටය ද මෙමඟින් හොඳ පිටුබලයක් ලැබෙන බව ද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya