අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හැඹිලි දෑලට වලංගු බලපත්‍රයක්

    ජනවාරි 16, 2017
    ධිවරයාත්, ධීවර කර්මාන්තයත් ගොඩගැනීමට නම් යුගයේ අවශ්‍යතා අනුව නව නීති රීති මෙන්ම ආකල්පමය වෙනසක් සමග කර්මාන්තයේ නවමු වෙනසක් සිදු විය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කලේ හැඹිලි දෑලට    { කදන් කෝස් } වලංගු බලපත්‍රයක් ලබා දීමට අවශ්‍ය යෝජනා හා නිර්දේශ මාලාව පිළිගැන්වීම වෙනුවෙන් මාතර දික්වැල්ලේදී  පැවති රැස්වීමේදීය .
     
    සමස්ථ ලංකා ජාතික ධීවර සංවිධානයේ වාර්ෂීක සමුළුවේදී මෙම යෝජනා මාලාව ප්‍රකාශයට පත් කෙරිණ. මෙම සමුළුවට එම සංවිධානයේ දිස්ත්‍රික් නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .
     
    පසුගිය වසරේ නොවැම්බර් මස අමාත්‍යංශයේදී පැවති සාකච්ජාවකදී මෙම නියෝග මාලාව සහ යෝජනා සකස් කිරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර සංවිධාන, නිලධාරීන්, ධීවර නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබිය.
     
    එම කමිටුව අවස්ථා ගණනාවකදී සාකච්ජා කර සකස් කළ මෙම වාර්තාව රටේ බහුතර ජනතාවගේ පෝෂ්‍යදායී ආහාර වේලක් සහතික කිරීම සදහා අඩු මිලට පහසුවෙන් ප්‍රෝටීන් බහුල මසුන් අල්ලා ජාතික මත්ස්‍ය නිෂ්පාදනය සුරක්‍ෂිත කොට වැඩි දියුණු කර ගත හැක්කේ  හැඹිලි දැලෙන් අල්ලන මත්ස්‍ය සම්පත හේතුවෙන් බව පෙන්වා දෙති.
      
    එබැවින් මෙම කර්මාන්තය ආරක්ෂා කර ධීවරයා සවිබල ගන්වමින් දිරිගැන්වීම සදහා විධිමත් රෙගුලාසි මාලාවකට යටත්ව බලපත්‍ර ලබා දිය යුතු බව මෙම කමිටුව යෝජනා කර සිටි.
     
    ඊට අමතරව අවසර පත්‍රයක් සදහා රුපියල් 20,000/-ක වාර්ෂීක ගාස්තුව රුපියල් 5,000/-ක් ලෙසත්, හැඹිලි දැලක දිග මීටර් 300 ක් ලෙසත්, හැඹිලි දැලක ඇසක ප්‍රමාණය අගල් 1⅓ ලෙසත්, දැලේ මඩියේ උස මීටර් 50 ක් ලෙසත්, කෙලවල්ලන් හා සමාන මසුන් කවරේදැයි යන්න නිශ්චිතව අර්ථකථනය කොට නියෝග මාලාවට ඇමිණිය යුතු යැයිද,1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනතේ ක්‍රියාත්මක බලයලත් නිලධාරියා අධ්‍යක්‍ෂක ජෙනරාල් වන අතර යෝජිත සංශෝධන අනුව නව නියෝග මාලාවක්/ගැසට් පත්‍රයක්/චක්‍රලේඛයක් නිකුත් කල යුතු යැයිද 
    යෝජනා කර ඇත.
     
    ධීවර කර්මාන්තයේ නිරත සියළු පාර්ශවයන් හා ජාත්‍යන්තර සංවිධාන සමතුලිත කිරීම සදහා 2017 වසරේදි පළමු පියවර ලෙස බහුදින යාත්‍රා  1,000 කට බලපත්‍ර දිය යුතු යැයිද, ඔවුන්ගේ කාර්ය සාධක මට්ටම හා පශ්චාත් ප්‍රතික්‍රියා කෙරෙහි අවධානය යොමු කර ඉදිරි පියවර ගත යුතු යැයිද, කිලෝ 3ට අඩු කෙලවල්ලන් හා කිලෝ 1ට අඩු බලයා යනාදී මසුන් කිලෝ 50ට වැඩි ප්‍රමාණයක් අල්ලාගෙන එන ධීවර යාත්‍රා වලට එරෙහිව නීති මගින් කටයුතු කලයුතුයැයිද යෝජනා ඉදිරිපත් කර ඇත .
     
    මෙම යෝජනා මාලාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දීමට නියමිතය .
     
    අදාළ යෝජනා මාලාව පිළිගැන්වීම නිමිත්තෙන් පැවැත් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .
     
     “ විශේෂයෙන්ම බහුදින යාත්‍රා හිමියන්ගේ ප්‍රශ්න දෙකක් තිබුණා. ඉන් එකක් තමයි යුරෝපා සංගමයේ තහනම ඉවත් කර ගැනීම. යහපාලන රජය බලයට පත්වීමත් සමග යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගැනීමට හැකි වුණා . ධීවර ක්ෂේත්‍රයේ කෝස් කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය බලපත්‍ර ලබා දෙන්න තමයි අධිෂ්ඨාන කරගෙන සිටින්නේ. නමුත් ඒ දේ කරන්න අවස්ථාව ලැබුනේ නැහැ . කදන් කෝස් පන්නක්‍රමය සදහා බලපත්‍රය ගැනීමට දිවිහිමියෙන් කටයුතු කරනවා. ”
     
     “ මහා සාගරයේ මසුන් ගැවසෙන ස්ථාන නිවැරදිව හදුනාගත හැකි  ෆිෂ් ෆයින්ඩර් ,ධීවර යාත්‍රා ගමන්මග යාත්‍රා ඇති ස්ථාන නිවැරදිව හදුනාගත හැකි ට්‍රාන්ස්පොන්ඩර්, තොරතුරු ගබඩා කිරීමට ටැබ් හා විදුලි බලය උත්පාදනය සදහා සෝලා පැනල් ලබාදීමට අපි පසුගිය 2016 වසරේ රුපියල් කොටි 27 වෙන්කළා . නමුත් විවිධ අඩුපාඩු හේතුවෙන් පසුගිය වසරේදී එම නව තාක්‍ෂණික උපකරණ ලබාදීමට හැකිවුණේ නැහැ. නමුත් මේ වසර තුල එම උපකරණ ලබාදීමට අවශ්‍ය කටයුතු කරනවා. ”
     
    “ එදා පොල්ලේ බෝට්ටුවෙන් තමයි ධීවර රස්සාවට ගියේ . ඒකාලේ 225 උස දැල් වලින් වටකලා මාළු අහුවුණා . නමුත් අද ධීවරයා රැකියාවට යන්නේ අඩි 35 බෝට්ටුවෙන් , එහෙත් අද ධිවරයට දැල්වල වට ප්‍රමාණය මදියි . දැල් වල වට ප්‍රමාණය,උස වගේම දැලේ අස් ප්‍රමාණයත් වැඩි වෙන්න ඕනේ. එත කොටයි මත්ස්‍ය සම්පත නෙලා ගන්න පුළුවන්.
      
    ලොකු නැවකින් ගිහින් හුන්ඩුවක් විතර දැලකින් මාළු සම්පත නෙලාගන්න බැහැ . අද මාළු සම්පත හිගයි . මේ විදිහට ගියොත් ධීවරයා හැමදාම ණය කාරයෙක් ,අයිස් ටිකට ණයයි, තෙල් ටිකට ණයයි. දරුවන්ට පවුලට කන්න දෙන්න විදිහක් නැතුව රටටම ණයකාරයෝ වෙලා . ඒ නිසා අද ධීවර කර්මාන්තයට අවශ්‍ය ලෙස දැල් සැකසිය යුතුයි .”පැවසීය.
     
    AP.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya