මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Buddhist Ideals of Good Governance ග්‍රන්ථය එළිදැක්වෙයි - යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලෝක ජනගත කිරීමේ උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 16, 2017

    ලෝක රාජ්‍ය නායකයන්ට රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ පරමාදර්ශ ජාත්‍යන්තරව ජනගත කිරීම උදෙසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුනෙස්කෝ මූලස්ථානයේ  ආගමික කටයුතු අධ්‍යක්ෂ ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තම්පලාවල ධම්මරතන හිමියන් හා සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ෆැරැකොස් චෙන්ට් (Francois Chenet ) මහතා විසින් රචිත  Buddhist Ideals of Good Governance ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අද (16) ප.ව. 4.00ට බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වෙයි.

    ඒ අනුව යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ලෝක ජනගත කිරීමේ උළෙල අද ප.ව. 4.00 අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිලක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා, ඇතුළු විදේශ තානපතිවරුන් හා සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභගී වීමට නියමිතය.

    amedi

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya