අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතා දුර්ලභ ගණයේ රෝගයකින් පෙළෙන දැරියකට සුව ඇමැතිගෙන් ඖෂධ

    ජනවාරි 16, 2017

    මාතර පඹුරන පදිංචි යෙහාලි සංජනා ලියනපතිරණ දරුවා ඉතා දුර්ලභ ගණයේ රෝගයක් වන Hyperinsulinemia රෝගයෙන් පෙළෙන බැවින් ඇයට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය පහසුකම් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (16) කටයුතු කරන ලදි.


    විද්‍යුත්  මාධ්‍ය නාලිකාවකින් මෙම දරුවා පිළිබදව ප්‍රචාරය වීමෙන් පසු ඒ පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා, ඇයගේ මව වන වින්දිකා ගොඩකන්ද සහ පියා වන සංජීව ලියනපතිරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා මාස 03 කට අවශ්‍ය ඖෂධ අද දින ලබා දෙන ලදි. ඇයට මෙි වනවිට ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ බොරැල්ල, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ හෝමෝන සහ අන්තරාසර්ග විශේෂ වෛද්‍ය නවෝදා අතපත්තු මහත්මියයි.

     

    ඇයට නිර්දේශ කර ඇති Diazoxide BP නැමැති ඖෂධය ශ්‍රී ලංකාවට ආනයනය කිරිම ප්‍රමාද වී ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් කඩිනමින් ඖෂධය ආනයනය කර දරුවාට ලබාදීමට පියවර ගෙන ඇත. ඖෂධ ලබාදීමෙන් පසු දෙමාපියන් සමඟ සාකච්ඡාවක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දරුවාගේ සැත්කම එංගලන්තයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා දෙමාපියන් වෙත දැනුම් දෙන ලදි.

     

    ඉන් පසු දරුවාගේ මව වන වින්දිකා ගොඩකන්ද මහත්මිය ප්‍රකාශ කළේ, දරුවාට අවශ්‍ය ඖෂධ ලැබ්ම පිළිබදව සතුටට පත්වන බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙය දැනගත් මොහොතේ දුරකථනයෙන් කථා කර අවශ්‍ය විස්තර ලබාගනිමින් පැය 24 ඇතුළත ඖෂධ ගෙන්වා ලබාදීම පිළිබදව ස්තූතිය පුද කරන බව ඇය ප්‍රකාශ කර සිටියා ය. තව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණාවන්ත අමාත්‍යවරයෙකු බවත්, සෞඛ්‍ය අමාත්‍යධූරයේ වගකීම් නිසි පරිදි ඉටු කරන බවත් ඇය මෙහිදී අවධාරණය කර සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya