අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප ගොඩනගන අපනයන ආර්ථිකය තුළ උපාධිධාරියා නැමැති මානව සම්පතට ඉහළ ප්‍රායෝගික වටිනාකමක් හිමිවෙනවා

    ජනවාරි 16, 2017

    රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂම උපාධිධාරියකු සිරකර තැබීම වත්මන් යහපාලන රජයේ අරමුණ නොවන බවද යැපුම් ආර්ථිකය වෙනුවට අනාගතයේ අප ගොඩනගන අපනයන ආර්ථිකය තුළ උපාධිධාරීයා නැමැති මානව සම්පතට ඉහළ ප්‍රායෝගික වටිනාකමක් නිසැකවම හිමිවනු ඇති බවද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද සඳහන් කරයි.

    ඇතැම් අරමුණු විරහිත සංගම් යහපාලන රජය උපාධිධාරීන් සඳහා රැකියා ලබාදී නොමැති  බවට අවලාද නගමින් කිසිදු වග විභාගයකින් තොරව ප්‍රකාශ නිකුත් කරන බවද එම සංගම් මෙවැනි ප්‍රකාශ කරන්නේ රජය පිළිබඳ වැරදි ආකල්පයක් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණිනුයි.

    කලාපීය රටවල් සමඟ සසඳා බැලීමේ දී වැඩිම රාජ්‍ය සේවා නියුක්තියක් නඩත්තු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකිය.මෙරට රාජ්‍ය සේවයේ අනුපාතයක් ලෙස ගත් කළ සෑම සිවිල් පුරවැසියන් 16 දෙනෙකුටම එක් රාජ්‍ය සේවයකු වැගින් සිටියි. පසුගිය රාජපක්ෂ දසකයේ දීමැතිවරණ ඉලක්ක කරගනිමින් ගනු ලැබූ ජනප්‍රිය තීන්දු හේතුවෙන් රාජ්‍ය සේවා අනුපාතනය දෙගුණ තෙගුණ වූ බව ප්‍රකාශ කළ යුතුය. සංඛ්‍යාත්මකව රාජ්‍ය සේවය ඉහළ ගියද එහි කාර්යක්ෂමතාවය හා ඵලදයීතාවය පෞද්ගලික අංශය සමඟ සැසදීමේ දී පවතින්නේ කණගාටුදායක තත්ත්වයකය.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ  සහ  අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය සෑම මොහොතකම අප මෙහෙය වන්නේ, නිෂ්පාදන ආර්ථිකය වෙතටය. අපගේ ඉලක්කය වන්නේ විදෙස් ආයෝජන මෙන් ම දේශීය අයෝජන රටතුළට ගෙන එමින් ඇතිවන රැකියා පරිසරය තුළ උපාධියත් සමඟ සමජ ගතවන මනව සම්පත ඵලදායි ලෙස රටේ ගමන් මගට දායක කර ගැනීමයි.


    අප රජයේ සමතුලිත ආර්ථික ප්‍රතිපත්තිය තුළ  චීනය, ඉන්දියාව, සිංගප්පූරුව, යුරෝපය මෙන් ම ඇමරිකාවේ වෙළඳපොළ වෙත ද අපගේ අවධානය යොමු වී ඇත්තේ මෙරට පුහුණු ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩි අවස්ථා ලබාගැනීමටයි. යැපුම් ආර්ථිකය වෙනුවට අනාගතයේ අප ගොඩනගන අපනයන ආර්ථිකය තුළ උපාධිධාරීයා නැමැති මානව සම්පතට ඉහළ ප්‍රායෝගික වටිනාකමක් නිසැකවම හිමිවනු ඇත.

     

    නූතන ක්‍රමවේදයන්ගේන් බැහැරව සාම්ප්‍රදායික චින්තනයට කොටු වූ බංකොළොත් රැකියා සංගම් අපට බල කරන්නේ බුරුතු පිටින් රාජ්‍ය සේවයේ ඔළුගෙඩි පුරව හැකිනම් රටේ සියලු දෙනාට රජයේ රැකියා ලබදීමට කටයුතු කරන ලෙසයි. වග විභාගයකින් තොරව අවලාද නගන සංගම්වලට පැවැසිය යුත්තේ, 2016 වසරේ දී පමණක් අප රජය උපාධිධාරීන් සඳහා රැකියා දස දහසක් ලබා දී ඇති බවය.

     

    බංකොළොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් අරමුණු විරහිත සංගම් යහපාලන රජය රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදී නොමැති බවට අවලාද නගයි. කිසිදු වගවිභාගයකින් තොරව නිවේදන නිකුත් කරන එම සංගම් මෙවැනි ප්‍රකාශ කරන්නේ රජය පිළිබඳ වැරදි ආකල්පයක් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණිනි. මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට හසු නොවන ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් රජය අපහසුතාවයට පත් කරන මෙවැනි පිරිස්වල ක්‍රියකාරීත්වය පිළිබඳ අවධනයෙන් සිටිය යුතු බවත් රජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya