අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණය තවදුරටත් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    ජනවාරි 16, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත, වියළිකාලගුණ තත්ත්වයක් සහශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

    දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැක.

    දිවයි‍නේ  දකුණු අර්ධ‍යේ  විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya