කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.තවද උතුර, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.
දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක්(විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.