අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මධ්‍යම පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවැති දිස්ත‍්‍රික් සම්බන්ධිකරණ කමිටුවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
රජරට කලාපය, දැන් නාගරික කලාපයක් බවට ක‍්‍රමයෙන් පරිවර්ථනය වෙමින් තිබෙන නිසා, මේ කලාපය විසල් නගරයක් හැටියට දියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතනදී අනුරාධපුරයත්, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය හා දඹුල්ල කියන මේ චතුරස‍්‍රය විධිමත් භෞතික සැලසුමකට අනුව දියුණු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අනුරාධපුරය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සැලසුමක් සකස් කරලා තියෙනවා.
ඒ සැලසුමට අනුකූලව පියවර දෙකකින් අනුරාධපුර නගරයේ සංවර්ධන කටයුතු 2025 දක්වා වර්ධනය කිරීමයි අපේ අරමුණ. අපේ ප‍්‍රධාන කාර්යයක් තමයි මේ නගර සම්බන්ධිකරණය කරන ප‍්‍රවාහන පද්ධතිය. අපි දැනට ආරම්භ කරල තියෙනවා, මධ්‍යම අධිවේගී මාර්ගය, එහි භෞතික කටයුතු කුරුණෑගල දක්වා දැන් සිදුවෙමින් තිබෙනවා. කුරුණෑගලින් එක කොටසක් අපි බලාපොරොත්තු වෙනවා ගලගෙදර ප‍්‍රදේශයට ගෙයන්න. අනෙක් මාර්ගය දඹුල්ලට ගෙනඑන්න.
දඹුල්ලෙන් අනුරාධපුරය දක්වා එය ගෙනයෑමට ඉදිරි කාලයේදී පියවර ගන්නවා. ඒ අනුව අපේ දෙවෙනි සංවර්ධන කි‍්‍රයාදාමය ආරම්භ වෙන්නේ ඒ අධිවේගී මාර්ගය හා බැඳිච්ච කි‍්‍රයාවලියත් එක්ක.
අනුරාධපුරය ඇතුළු නගර කිහිපයක සංවර්ධනය සඳහා අපි ගිය වසරේදී විදේශ ආධාර කණ්ඩායමකට ඉදිරිපත් කළා. එකක් ගල්ල, එකක් මහනුවර අනෙක අනුරාධපුරය. ගාල්ල සහ මහනුවරට අපිට ඒ විසල් නගර වැඩපිළියෙවල යටතේ, උපාය මාර්ගික නගර වැඩපිළිවෙල යටතේ ආධාර ලැබිලා තියෙනවා. ඒ වගේම අනුරාධපුරයට අපට ප‍්‍රංශ ආධාර ලැබිල තියෙනවා. රජයේ අනුග‍්‍රහකත්වයත් එක්ක රුපියල් බිලියන දහදාහක් පමණ, වෙන වචන වලින් කිව්වොත් රුපියල් ලක්‍ෂ ලක්‍ෂයක් පමණ අපි අනුරාධපුරය වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. වසර 4 ක වැඩපිළිවෙලක් එක්ක. ඒ සඳහා අපි ගිය වසරේ අග භාගයේ ගිවිසුම්වලට එළඹුනා.
අපි ඒ පිළිබඳ උපදේශකත්වය උපදේශකවරුන්, විශේෂයෙන් විදේශීය විශේෂඥයින් පත් කර ගන්න නියමිතයි. එයින් පසු අපි එහි වැඩකටයුතු ලබන වසරේ මුල ආරම්භ කරනවා විධිමත් සංවාදයකින් පසුව. අපේ ඒ සංවර්ධනයේ ප‍්‍රධාන කරුණු තුනක් තිබෙනවා එකක් මේ නගර නිර්මාණයේදී නගර අලංකරණය සම්බන්ධයෙන් තමයි වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ. අපේ අවධානය නගර අලංකරණයට වඩා යොමු වෙන්නේ විෂම නාගරීකරණය නිසා ඇතිවෙලා තිබෙන ප‍්‍රශ්න විසඳීම සඳහායි. ඒ වගේම අපි තවත් අපි ප‍්‍රධාන ප‍්‍රමුඛතාවය යොමු කරන්නේ අපජලවහනය වගේම ජල ගැටළු, මලඅපවහන පද්ධති ආදිය පිළිබඳව එක පැත්තකින්, අනෙක් පැත්තෙන් ප‍්‍රවාහන ගැටළු පිළිබඳවත්.
අද මේ ලංකාවේ තිබෙන දැවෙන ප‍්‍රධානතම ගැටළුව බවට පත්වෙලා තිබෙන්නේ මාර්ග තදබදය. අනුරාධපුරයට එතරම් දැනුන්නැති උනත්, අනාගතයේ අනිවාර්යයෙන්ම බරපතල ප‍්‍රශ්නයක් බවට පරිවර්ථනය වෙන්න නියමිතයි. ඒ නිසා ඒ පිළිබඳව විධිමත් පොදු ප‍්‍රවාහනයක් ගොඩනැගීමෙන් පමණයි ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නෙ. හැම කෙනෙක්ම පුද්ගලික මොටර් රථයක්, මෝටර් සයිකලයක්, ත‍්‍රීවීලයක් මිල දී ගැනීමෙන් ලංකාවේ ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 1950 දී ලංකාවේ මෝටර් වාහන තිබුණේ 5000 යි. අද තියෙනවා හැටතුන් ලක්‍ෂයක්. 2015 වර්ෂයේ පමණක් හත් ලක්‍ෂයක් ගෙන්වලා තියෙනවා.
2016 වර්ෂයේ හාරලක්‍ෂ පනස්දාහක් ගෙන්වලා තියෙනවා. මේ විදිහට වාහන පාරට ඒම විසින් විශාල ආර්ථක අර්බුදයක් කරා යමින් තිබෙනවා. එනිසා අපේ අරමුණ පුලූවන් තරම් පොදු ප‍්‍රවාහනය, බස්රථ, දුම්රිය ඇතුළු පොදු ප‍්‍රවාහනය වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම. අධිවේගී මාර්ග තැනීමෙන් පමණක් ලංකාවේ ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසඳන්න බැහැ. සමහරවිට ප‍්‍රවාහන ප‍්‍රශ්නය උග‍්‍ර වෙන්න පුළුවන්. දැන් ලංකාවේ පළවෙනි අධිවේගී මාර්ගය ගාල්ලට ඉදිකළා.
කොට්ටාවේ ඉඳන් දෙවට ප‍්‍රදේශයට අද පැයකින් ගියහැකියි. නමුත් දෙවැටේ ඉඳන් ගාල්ලට යන්න විනාඩි 45 ක් යනවා. ඊළගට කොළඹ පිටකොටුවේ සිට කොට්ටාවට යන්න පැය 1 1/2 ක් යනවා. ඒ අනුව පරණ පැය තුනේ ගාන තාමත් ඒ විදිහට ගාල්ලට යන්න යනවා. ඒ නිසා අධිවේගී පාරක් හැදුවයි කියලා ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප‍්‍රශ්න විසඳෙන්නේ පොදු ප‍්‍රවාහණය ශක්තිමත් කිරීමෙන් මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කලාපයේ පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ඒ යටතේ ගොඩනගන්න.
ඒ වගේම නිවාස, අද දුගී ජනයාට නිවාස සැපයීමේ වැඩපිළිවෙලක් බොහෝ දුරට නිවාස සංවර්ධන අධිකාරියෙන් කෙරීගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවකයින්ට, වෘත්තීයවේදීන්ට නිවාස පමණක් නෙමෙයි සුහුරු නගර නමින් අපි හඳුන්වා ගන්නා නව නගර නිර්මාණය කරන්න. ඒකට අනුරාධපුරෙත් වැඩසටහනක් කි‍්‍රයාත්මක කරනවා. අනුරාධපුරේට වෛද්‍යපීඨයක් ඇති කළා.
නමුත් ඒ වෛද්‍යපීඨය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ප‍්‍රමිතිය අද නැහැ. එයට ප‍්‍රධාන හේතුව වෛද්‍ය අචාර්ය මහාචාර්යවරුන් ඒකට සම්බන්ධ නොවීම. අම්පාරේ ඉංජිනේරු පීඨයක් ගොඩනැගුවා, හැබැයි ඒ ඉංජිනේරු පීඨයත් පවත්වාගෙන යන්න බැහැ. ඒකට හේතුව අදාළ වෘත්තීය මට්ටමේ ආචාර්ය මහාචාර්යවරු ඒකට සහභාගී නොවීම. එනිසා ඒ වෘත්තීයවේදීන්ට උචිත නගරයක් මේ අනුරාධපුරය ඉහළට ගෙනයනවා නම් අපට අවශ්‍යයි. ඒ සඳහා වෘත්තීයවේදීන් සඳහාම වෙච්ච නිවාස ව්‍යාපෘතියක් ඇති කරන්න කටයුතු කරනවා. මොකද මේ ප‍්‍රධාන නගරවලට අනුරාධපුරය, පොලොන්නරුව මේ නගර ඉදිරියට ගෙනයා හැක්කේ ඒ ආකාරයෙන් පමණයි.
ඒ වගේම අපි අනුරාධපුරය අපි අමතක කරන්නේ නැහැ, ඒක පූජනීය ප‍්‍රධාන මූලස්ථානය. ඒ නිසා ඒ පූජනීය ප‍්‍රධාන මූලස්ථානය ලෙස ඒ පූජා නගරයත් එහි පහසුකමුත් වැඩිදියුණු කරන්න අපි කටයුතු කරනවා. ඉතින් මේ කටයුත්තේ දී අපට සැලසුම් දෙකක් තියෙනවා. එකක් අපි උපාය මාර්ගිකව නැත්නම් විසල් නගර වැඩපිළිවෙලි. ඊ ළගට නාගරික සංවර්ධන අධිකාරියෙන් පොදුවේ මේ අනුරාධපුරයටම ගොඩනගලා තිබෙන සැලසුම. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරයේම කුඩා නගර විධිමත් සැලැස්මකට අනුව ගෙනයන්න.
කලක් සංස්කෘතික ති‍්‍රකෝණය යැයි ප‍්‍රචලිත වී තිබූ ප‍්‍රදේශය අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලයේදී ආර්ථික සමෘද්ධියේ ති‍්‍රකෝණයක් බවට වඩා හොඳින් කියනවා නම්, ආර්ථික සමෘද්ධියේ චතුරස‍්‍රයක් බවට පත් කරන්න. කොළඹට පමණක් නෙමෙයි කොළඹ බස්නාහිර මහා නගරයට යාබදව, අනුයුක්තව මහා විසල් නගරයක් බවට 2025 වෙන කොට අනුරාධපුරය පත් කිරීමයි අපේ අරමුණ. විධිමත් සැලසුමකට අනුව ඒ සඳහා ඔබේ දායකත්වය, දේශපාලන අධිකාරියේ සහ නිලධාරීතුමාලගේ අපි බලාපොරොත්තු වෙනවා අදහස් යෝජනා ප‍්‍රමුඛතා හඳුනා ගැනීමට, ඒ සඳහා තමයි අද මේ හමුවේ ප‍්‍රධාන පරමාර්ථය’ යැයි ද අමාත්‍යවරයා පැවසීය.