මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කරනවා - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    ජනවාරි 15, 2017

    වියළි කාලගුණය පවතින කාලසීමාව තුළද අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු  කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    වර්ෂාව රහිත වියළි කලගුණික තත්ත්වය නිසා විදුලිබලය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    වියළි කාලගුණය ජාතික ප්‍රශ්නයක්. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, නිවසේ එක විදුලි බල්බයක් හෝ නිවා දමන්න කියලා. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විශේෂ කොමිටියක් පත් කර තිබෙනවා. අපි සති පතා රැස්වෙලා,සූදානමින් සිටිනවා මෙයට මුහුණ දීමට. මේ කාලය තුළද අඛණ්ඩව විදුලිය ලබාදීමයි උත්සහයෙන් කටයුතු කරන්නේ. මේ පිරිවැය ජනතාවට බරක් නොවන ලෙස තබා ගැනීමට කටයුතු කිරීම අනෙක් උත්සාහය බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya