අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියගයට මුහුණ දීමට මහනුවරට විශේෂ වැඩසටහනක්

    ජනවාරි 15, 2017

    පවතින කාලගුණික තත්වය තව දුරටත් පැමිණියහොත් මහනුවර දිස්ත්‍රික්ක තුළ පානීය ජල සැපයීම සීමා කිරීමට සිදුවිය හැකි බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කේ.පී.ආර්.එස්. සමරනායක මහතා පවසයි.

    එබැවින් දැනට ලබා දෙන පානීය ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන ලෙසද ඔහු මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලදී. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙම අදහස් පළ කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දීමට ගත යුතු ක්‍රියා මාර්ග සාකච්ඡා කිරීම සදහා කැදවා තිබූ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදීය.

    පවතින කාලගුණික තත්ත්වය මත පානීය ජලය ලබා දීම අභියෝගාත්මක කරුණක් බව පැවසූ නියේජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා මේ වන විටත් බොහෝ ජල මූලාශ්‍ර සීග්‍රයෙන් සිදී යමින් පවතින බව පැවසීය.

     

    දොලුව, ගලගෙදර වැනි ප්‍රදේශවලට මෙම තත්වය බෙහෙවින් බලපෑ හැකි බව පැවසූ ඔහු මහනුවර පානීය ජල ගැටළුව විසදීම සදහා ජලය බොදා හැරීමේ බවුසර් සහ ට්‍රැක්ටර් සූදානම් කරගනිමින් පවතින බවද කමිටුව හමුවේ ප්‍රකාශ කරන ලදී. එබැවින් පළාත් පාලන ආයතන ඇතුළු රජයේ වෙනත් ආයතනවල තිබෙන ජලය ගෙන යා හැකි බවුසර් ලබා දී මේ කාර්ය සදහා දායකත්වය ලබා දෙන ලෙසත් ඔහු කමිටුවට සහභාගී වූ අනිකුත් රජයේ ආයතන වලින් ඉල්ලා සිටින ලදී.

     

    පානීය ජලයට අමතරව කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් උද්ගත විය හැකි ජල ගැටළුව පිළිබදවද මෙහිදී අවධානය යොමු වූ අතර, දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය පෙන්වා දුන්නේ පවතින කාලගුණික තත්වය හමුවේ මෙවර වී වගාව ඉලක්කගත ප්‍රමාණයෙන් 56% ක් දක්වා අඩු විය හැකි බවයි. ඊට විසදුමක් ලෙස වී වගාව කළ නොහැකි සෑම කුඹුරකම අතිරේක බෝග වගා කිරීමටද කමිටුව ඒකමතිකව තීරණය කළ අතර කුඹුරුවල පිහිටි වගා ළිං නැවත පිළිසකර කර දී ඒ මගින් ජලය ලබාදීම කෙරෙහිද සැළසුම් සකස් කළ යුතු බවටද කමිටුවට අදහස් ඉදිරිපත් විය.

     

    කමිටුවට ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් කමිටු සභාපති සමාජ සවිබල ගැන්වීම් සහ සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පානීය ජලය ගැටළුව විසදීමට අවශ්‍ය බවුසර් ජල සම්පාදන මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සළසා දෙන බවටත්, වගා ළිං පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ජනාධිපතිවරයා දැනුවත් කොට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවත් ප්‍රකාශ කරන ලදී. වගා ළිං නැවත පිළිසකර කිරීමේදී සියළුම ප්‍රාදේශීය ලේකම්වරු ඒ පිළිබද අවධානය යොමු කොට කඩිනමින් පිළිසකර කළයුතු වගා ළිං පිළිබද නිරීක්ෂණ සමඟ වාර්තාවක් ලබා දෙන ලෙසත් ඔහු උපදෙස් ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya