සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහනුවර රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

    ජනවාරි 14, 2017
     
    මහනුවර මහ රෝහලේ වකුගඩු රෝග ඒකකයේ රෝගීන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ ව සොයාබැලිම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් ජයසුන්දර බණ්ඩාර මහතා අද (14) දින මහනුවර මහ රෝහලට ගොස් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඉන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට නියමිතය.
     
    ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාම හේතුවෙන් මුද්‍රා තැබුනු මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන 69 වාට්ටුව යළි ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කර ඇත. එම වාට්ටුව ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ට පමණක් වෙන්කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කරයි. අනවශ්‍ය ලෙස මහනුවර මහ රෝහලට කුඩා දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මාතාවන් පැමිණීමෙන් වළකින ලෙස ද අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya