අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟ කාලගුණික තත්ත්වයට මුහුණ දීමට සියලු අමාත්‍යාංශ,ආයතන එක්ව පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි

    ජනවාරි 13, 2017

    රටේ ඇති වී තිබෙන නියඟ කාලගුණික තත්ත්වයට මුහුණ දීමට සියලු අමාත්‍යාංශ,ආයතන එක්ව පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කර තිබෙන බවත් දැනටමත් සියලු අමාත්‍යාංශ සඳහා උපදෙස් ලබාදී ඇති බවත් ජනාධිපතිතුමා සමඟ අද සවස සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (13) මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේ, දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමිනි.


    ඉදිරි මස තුනක කලය රටේ වර්ෂාව ඉතාම අවම කාලයක්. කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඒ පිළිබඳව පුරෝකථනය කර තිබෙනවා.ඉදිරියේ දී ඇතිවන නියඟයට හේතුව 2016 වසරේ බලපොරොත්තු වූ වර්ෂාපතනය ලැබී නෑ. මෙරට සියලු භූගෝලීය වර්ෂව 2016 අඩු වුණා. බලාපොරොත්තු වෙනවා, ඇතිවන නියඟය පිළිබඳව කරුණු ගණනවක් අධ්‍යයනය කරන්නට සිදු වුණා. අතිගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කර උපදෙස් ලබා දී තිබෙනවා, මේ තත්ත්වය වාර්තා කරන්න කියලා. 

     

    දැනට අපේ ප්‍රධාන වාරිමාර්ගවල ජල ධරිතාව සියයට 27%ක් පමණයි තිබෙන්නේ.මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 220 ක සියයට 30%ක ප්‍රමාණයක් පමණයි, ජලය තිබෙන්නේ. ගොවිතැන් කර තිබෙන්නේ තුනෙන් එකක් පමණයි. මේ තත්ත්වය තවත් පැවතිය හොත් යල කන්නයට බලපෑම් එල්ල වෙනවා.

     

    ගෝලීය තත්ත්වය නිස අපට පමණක් නොවේ,මේ තත්ත්වය තවත් රටවල්වලටත් බලපානවා. විදුලි උත්පදනයටත් බලපනවා. අපේ රටේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. සියලු අමාත්‍යාංශ එක්ව. ඒ සඳහා රජය දැනටමත් සියලු අමත්‍යාංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. අද සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වෙනවා. වැඩපිළිවෙල පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු දක්වා තිබෙනවා.

     

    ජනමාධ්‍ය අමාත්‍යාංශයත්,ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා, සෑම සති දෙකකට වරක් ඔබව දැනුවත් කරන්නට. යම් යම් ප්‍රදේශවල ජලය බෙදා හැරීමේ කටයුතු කරමින් සිටිනවා. ප්‍රධාන දිස්ත්‍රික්ක 13ක අපේ අමත්‍යාංශ නිලධාරීන්  පිටත් කර තිබෙනවා. අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට , මොණරාගල, කුරුණැගල, පුත්තලම, ත්‍රීකුණාමලය, වව්නියා, මන්නාරම, කිළිනොච්චිය, යාපනය, මඩකළපුව සහ මුලතිව්, යන දිස්ත්‍රික්කවල අවශ්‍යතාවය අනුව සහනාධර  මුදල් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

     

    අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල  නිලධාරීන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබෙනවා, පවතින ජලය අරපිරිමැස්මෙන් භවිතා කරන්න. විදුලියත් අරපිරිමස්මෙන් භාවිතා කරන්න. අවශ්‍ය වූ විට බලාපොරොත්තු වෙනවා, ජලය බෙදා හැරීමට කටයුතු කරන්න. අත් පොම්ප සකස් කිරීමේ කටයුතු කරනවා. දිස්ත්‍රික්ක 25කින් ජලටැංකි 1754ක් ඉල්ලා තිබෙනවා. ඒව ඉක්මනින් ලබාදෙනවා.


    ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. අපේ අමාත්‍යාංශය පමණක් නොව,අනෙක් අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවිධනය එක්ව සාකච්ඡා වට ගණනාවක් සිදු කර තිබෙනවා. සියලු අමාත්‍යාංශවලට ඉදිරියේ කටයුතු කරන්නේ කොහොමද කියල දැනුවත් කර තිබෙන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයත්,ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් හරහා අවශ්‍ය තොරතුරු ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා.

     

    සියලු දෙනා සම්බන්ධකරගෙන, ජාතික උවදුරක් ලෙස කල්පනා කරලා, මාධ්‍ය භාවිතය පිළිබඳ අයිතියත් ලබාදෙමින් ආණ්ඩුවේ කටයුතු පිළිබඳ දැනුවත් කරනවා. ඉදිරියේ දී මාධ්‍ය ආයතනත් ජල බෝතල් එකතු කිරීම සිදු කරයි. එවිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වී බෙදිය යුතු ප්‍රදේශ මොනවද කියලා දැන ගැනීම වැදගත්. අපට ඔබටත් උදව් කළ හැකියි. ඉදිරි මාස තුන තුළ නියඟයක් ඇති වෙයි. නියඟයට මුහුණ දීමට කටයුතු කරමින් සිටිනවා. නියඟයට මුහුණ දෙන සෑම ජන කොටසකටම සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන්න රජය කටයුතු කරමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.


    මේ අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. මියනවල මහතා, ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරල් ජී.එල්.එස්.සේනාධීර මහතා, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එච්. එම්.එස්.ප්‍රේමලාල් මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරල් ආචාර්ය රංග කලංසූරිය මහතා එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya