අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හන්තාන කදුවැටියෙන් කොටසක් වන සංරක්ෂණයට

    ජනවාරි 12, 2017
    මහනුවර හන්තාන පාරිසරික  ආරක්ෂක කලාපයේ  අඩි 3,000ට වඩා  ඉහළ  ප්‍රදේශවල  මිනිස් ක්‍රියාකාරකම් වැලැක්වීමට හා එම ප්‍රදේශය සංරක්ෂණය සදහා වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුවට ලබාදී දීමට ඇති හැකියාව පිළිබද සොයාබලන බව  මධ්‍යම පරිසර අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි මහතා පවසයි. 
     
    හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයේ  සීමා මායිම් හා එම සීමාවන් තුල  සිදුකළ හැකි ක්‍රියාකාරකම්  දැක්වෙන නාම පුවරු ස්ථාපිත කිරිමේ අවස්ථාවට සහභාගි වෙමින්  අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙම අදහස් පලකළේය. 
     
    2010 වර්ෂයේ  හන්තාන ආරක්ෂක පාරිසරික කලාපයක් වශයෙන් නම්කළත් එහි නීතිමය තත්ත්වය පිළිබද  නොදැන පාරිසරික පනත උල්ලංඝනය කරමින් විවිධ ඉදිකිරිම් රැසක් කර තිබෙන බවත්  එවැනි තත්වයන්  ඉදිරියේදී වලක්වා ගැනීමේ  අරමුණින්  මෙම දැන්විම් පුවරු සවිකරන බවත් පැවැසිය.  කෙසේ වෙතත්  පාරිසරික පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය. 
     
    හන්තාන පාරිසරික ආරක්ෂණ කලාපයට  හෙක්ටයාර්  3,830  අයත්වන අතර මුහුදු මට්ටමේ සිටි ඇති උස අනුව  අඩි 3,000ට ඉහල කළාපය, අඩි 2,500ත් 3,000ත් අතර කලාපය හා අඩි 2,500ට අඩු කලාපය වශයෙන් කලාප  තුනකට  වෙන් කර ඇති අතර  එක් එක් කලාපයන්හී කළ හැකි  මිනිස් ක්‍රියාකාරකම් පිළීබදව පනතේ සදහන්ව තිබේ.  මෙම කරුණු සම්බන්ධයෙන් අත් පත්‍රිකා හා සිතියම් මගින් ඉදිරියේදී ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන  බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය. 
     
    මෙම පුවරු ස්ථාපනය කිරිමේ අවස්ථාවට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර, මහනුවර ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ යන මහතවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක්ද සහභාගි විය.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya