නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැල්ලවාය බලහරුව ආරක්ෂිත විදුලි වැටවල් 2 ක් ජනතා අයිතියට

    ජනවාරි 11, 2017
    වන අලින්ගෙන් වැල්ලවාය බලහරුව ප්‍රදේශයේ ගම්මාන ආරක්ෂා කිරීම සඳහා ඉදිකෙරුණු ආරක්ෂිත විදුලි වැටවල් දෙකක් ජනතා අයිතියට පත්කිරීම තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පෙ.ව. 10.00 ට  සිදුකිරීමට නියමිතයි.
    රුපියල් ලක්ෂ 15 ක් වැයකරමින් එක් ආරක්ෂිත විදුලිවැටක් ඉදිකර ඇත්තේ අබකොළආර කුඩාඔය වැටෙන ස්ථානයේ සිට කුඩා ඔය හමුදා කඳවුර දක්වාය. කුඩා ඔයට සමාන්තරව ඉදිකර තිබෙන මෙම ආරක්ෂිත විදුලි වැටේ දිග කිලෝ මීටර් 10කි. අනෙක් ආරක්ෂිත විදුලි වැට ඉදිකර තිබෙන්නේ සිරිනන්දනපුර  සිට දෙබරආර දක්වායි. එය කිලෝමීටර් 5ක දුරකින් සමන්විතයි. ඒ සහා වැයකෙරුණු මුදල රුපියල් ලක්ෂ 8.5කි 
     
    මාස කිහිපයකට පෙර දෙබආර කනිටු විදුහලේ 2වන වසරේ ඉගෙනුම ලැබූ පාසැල් දැරියක් වන අටහැවිරිදි හසිනි සියාරා උදේශිකා රත්නායක දියණිය තම මුත්තනුවන් සමග පාසැලට පැමිණෙන විට  වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගියේ මෙම බලහරුව ප්‍රදේශයේදීය. ඊට අමතරව තවත් පුද්ගලයින් සිවුදෙනෙකු පමණ මෙම ප්‍රදේශයේදී වරින්වර වන අලි ප්‍රහාරයන්ට ලක්ව මියගොස් තිබේ.
     
    සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය මහත්මියගේ ඉල්ලිමට අනුව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂිත විදුලිවැටවල් දෙක ඉදිකරන ලද්දේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි.
     
    ග්‍රාමසේවා  වසම් 03 ක බලහරුව, දෙබරආර, කුඩාඔය, උස්සැල්ල, සුරියගොඩාන ඇතුළු ගම්මාන රැසකට මෙම ආරක්ෂිත විදුලි වැට යෙදීමෙන් ආරක්ෂාව හිමි වේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya