අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියයට සියයක් විදුලියනය කළ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි

    ජනවාරි 11, 2017

    සියයට සියයක් විදුලියනය කළ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ලංකාගම ග්‍රාමයේ නිවාස 300කට විදුලිය ලබාදෙමින්ල රටම  "එළියයි-අඳුර" දුරලයි ජාතික ව්‍යාපෘතියට සමගාමීව විදුලිය ඉල්ලුම් කළ දෙලක්ෂ හැත්තෑපන්දහසක පාරිභෝගියකයන්ට එම සබඳතා ලබාදෙමින් සමස්ත දිවයිනේ ම විදුලියන ප්‍රතිශතය 100‍%ක් බවට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා,

    "ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව තෙවසරක සංවර්ධන සංග්‍රාමය ඇරඹෙන මේ මොහොතේ අපි මේ වැඩසටහන දියත් කළේ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. 98‍%ක් විදුලිය ලබාදී තිබුණත් ඉතිරි 2‍% සම්පූර්ණ කරගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වුණා. ඒ නිසා ජනාධිපතිතුමන්ගෙන් ලැබුණු නායකත්වයත්, අගමැතිතුමන්ගෙන් ලැබුණු මඟපෙන්වීමත් යට‍තේ විදුලිබල මණ්ඩලය සහ විදුලි පුද්ගලික සමාගමේ සේවකයින්ගේ දැඩි කැපවීමත් නිසා මේ ඉලක්කයට එන්නට අපට හැකිවුණා. කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කළ ලක්ෂ පහකට වැඩි දරුවන් පිරිසක් අද මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලැබීම අප ලද සුවිශේෂ භාග්‍යයක් කොට සලකනවා. ඒ තමයි අප ලැබූ විශාලතම සම්මානය”, යැයි ප්‍රකාශ කළේය.

     

    මෙම අවස්ථාවට ගරු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya