අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැති නම් කරයි

    ජනවාරි 11, 2017

    නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් සමාජයේ මානසික විපර්යාසයක් කිරීම වෙනුවෙන් ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන 'ද බෑන්කර් ' සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නම් කර තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට ප්‍රසිද්ධ කරන මෙම සඟරාව රවී කරුණානායක මහතා  මෙලෙස ආසියා පැසිපික් කලාපයේ 2016 වසරේ හොඳම මුදල් මුදල් අමාත්‍යවරයා ලෙස නම් කර සිටින්නේ,

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මනා ලෙස කළමනාකරණය කරමින්, එය ස්ථාවර තත්ත්වයට ගෙන ඒමට හැකිවීම අගය කරමිනි. මෙම සඟරාව පවසා සිටින්නේ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 පමණ ණය ලබාගැනීමට සමත් වූ බවයි. එමඟින් රටේ ගෙවුම් ශේෂය හේතුකොටගෙන ඇතිවන මූල්‍ය අර්බුද වලක්වා ගැනීමට සමත් වූ බවත්, රටේ මුදල් සංචිත යථාතත්ත්වයට ගෙන එමින් විදේශ ආයෝජකයන්ගේ විශ්වාස යළි ගොඩනැඟීමට මුදල් අමාත්‍යවරයාට හැකි වූ බවත්ය.

    ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇති නවතම ශ්‍රී ලංකා බැඳුම්කර නිකුතුව පෙන්නුම්කර දෙන්නේ කරුණානායක මහතා තමා සැබවින්ම තම අරමුණු කරා ළඟාවී ඇති බවයි.

    මීට අමතරව රටේ මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇතිකර ගනිමින් 2015 වසරේ පැවති අයවැය පරතරය වන 7% ප්‍රමාණය බලාපොරොත්තු වූ 5.6% ට වඩා අඩු ප්‍රමාණයකට 2016 වසරේදී එනම් 5.4% දක්වා අඩුකර ගැනීමට රවී කරුණානායක මහතා මෙම තනතුරට පත්වූ පසු හැකිවූ බවද එම සඟරාව තවදුරටත් ප්‍රකාශ කර සිටී.

    2014 පැවති ශ්‍රී ලංකාවට තම ආදායම වූ රුපියල් බිලියන 1205, 2015 වසරේදී රුපියල් බිලියන 1,461 දක්වා වැඩිකර ගැනීමට හැකිවී ඇත. බදු ආදායම මෙකී කාලසීමාව තුල රුපියල් බිලියන 1,050 සිට රුපියල් බිලියන 1,356 දක්වා ඉහළ ගොස් ඇත.

    බදු ගෙවීම නරක පුරුද්දක් නොවන බවත්, රටේ ඉදිරි සෞභාග්‍යය වෙනුවෙන් එය කළ යුතු කර්තව්‍යයක් බවත් මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට රජය සමත් වූ බව සඳහන් කරන 'ද බෑන්කර් ' සඟරාව, රජය මත යැපීමට බලා නොසිට සියලු පුරවැසියන් යම් බදු ගෙවීමක් කළ යුතු බව එමඟින් අවධාරණය කරන ලද බව එම සඟරාව සඳහන් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7ක ප්‍රමාණය මේ වනවිට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් ඇති බව ද එම සඟරාව සඳහන් කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya