මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි අරාබියේ විශේෂ නියෝජිත පිරිසක් තැපැල් ඇමති හමුවෙයි

    ජනවාරි 11, 2017
    සෞදි අරාබියේ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ විශේෂ උපදේශක අචාර්ය අබ්දුල් අසීස් බින් අබ්දුල්ලාහ් අල් අමර් මහතා (Dr. Abdul Aziz Bin Abdullah Al Ammar) ඇතුළු  එරට විශේෂ දූත කණ්ඩායමක් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච් . අබ්දුල් හලීම් මැතුතිමා  හමු විය.
     
    මෙම  විශේෂ හමුව අමාත්‍යාංශයේ දී  පැවැති අතර එහි දී දෙරටේ ආර්ථික , දේශපාලනික හා ආගමික සහයෝගීතාවය පිළිබඳ අදහස් හුවමරු කර ගැනුණි.
     
    මෙහි දී අමාත්‍යවරයා , මෙරට මුස්ලිම් ජනතාව ඉදිරියේ ඇති අභියෝග හා ඔවුන් වර්තමානයේ මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබඳ සෞදි නියෝජිතයන් දැනුවත් කරන ලදී .
     
    මීට අමතරව ඉදිරියේ  මෙරට දී පැවැත්වීමට යෝජීත ඉස්ලාමීය සමුළුව සම්බන්ධවත් දැනට  ලබාදෙනු ලබන හජ් කෝටාව තවදුරටත් වැඩිකර  ගැනීම සම්බන්ධවත්  දීර්ඝ වශයෙන්  සාකච්ඡා කෙරුණි.
     
    මෙම අවස්ථාව සඳහා ජාතික ඒකබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya