මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව වැඩිපුරම ඇතිකළ යුත්තේ දකුණේ - හිටපු ජනාධිපතිනිය

    ජනවාරි 10, 2017
    සංහිඳියාව වැඩිපුරම ඇති කිරීමට කටයුතු කළ යුත්තේ දකුණේ බවත් ඒ හරහා දකුණේ ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතු බවත් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පැවසුවාය.
     
    හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළේ අද (10) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 
     
    පසුගිය කාලයේ දී විශ්වවිද්‍යාල සිසුන් අත්හැරදමා තිබූ පිරිසක් බවත් පෙන්වාදුන් ඒ මැතිණිය රටේ උසස් ම අධ්‍යාපනය ලබාගෙන රටේ අනාගතය භාරගැනීමට සිටින අයවලුන් ක්‍රියාකාරීව රටේ අනාගතය සඳහා යොදාගත යුතු යැයි ද පෙන්වා දුන්නාය.
     
    ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒකාබද්ධව දියත් කරන උසස් අධ්‍යාපනය තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන හරහා දැනුම මෙන් ම සමාජය පිළිබඳ ව ගැඹුරු වැටහීමක් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වෙත ලබාදීම අරමුණ බවත් පෙන්වා දුන් අතර ම වසර 30ක් පුරා යුද්ධයක් පැවැති වාතාවරණයක් තුළ රටේ පොදු මහජනතාවගේ මෙන් ම විවිධ ජාතීන් හා ආගමිකයන් අතර සංහිඳියාවක් දැකගත නොහැකි බවත් පෙන්වා දුනි.
     
    මෙම වැඩසටහන හරහා විශ්වවිද්‍යාල සිසුන්ට අමතර ව පොදු මහජනතාව, වෘත්තීයවේදීන්  මෙන් ම පාසල් සිසු ප්‍රජාව ද මේ හරහා දැනුම්වත් කිරීම සිදු කෙරේ.
     
    ජාති මෙන් ම  ආගම්වලට අයත් විවිධ වූ පාසල් හරහා වෙන වෙන ම අධ්‍යාපනය ලබන දරුවන් සියලු දෙනා විශ්වවිද්‍යාලය තුළ දී එකට එකතු වන බවත් පෙන්වා දුන් හිටපු ජනාධිපතිනිය එවිට සම්බන්ධතා පැවැත්වීමේ දී විවිධ ප්‍රශ්න ඇතිවීමේ අවස්ථාව ඇතිබවත් එය කලබල ඇතිවීම සඳහා හේතුවන බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya