අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමගිය හා සංහඳියාව ප්‍රවර්ධනයට ඒකාබද්ධ වැඩසටහනක්

    ජනවාරි 10, 2017
    උසස් අධ්‍යාපනය තුළින් ජාතික සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) හා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා ඇත.
     
    මෙම වැඩසටහන හරහා තෝරාගත් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 07ක් සමඟ වසරක කාලයක් පුරා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රියාකාරකම්, වැඩසටහන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධකරගෙන දියත් කරනු ඇත.
     
    මෙම වැඩසටහන ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා සාමය ගොඩනැගීම, ගැටුම් පරිවර්තනය සහ සංහිඳියාව වැනි කරුණු ඇතුළත් ව විෂය මාලාවක් ඉදිරියේ දී විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට හඳුන්වාදීමට ද නියමිතව ඇත.
     
    පළමු වටයේ දී රුහුණු විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, ස්වාමි විපුලානන්ද ආයතනය හා ජමියහ් නලීමා ආයතනය මෙම වැඩසටහන සඳහා දායකත්වය දක්වනු ඇත.
     
    මෙම අවස්ථාවට ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනිය සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්. ජයසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, උප සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න මහත්වරු ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රධානීන් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya