එතුමා මේ බව කියා සිටියේ මහපොළ අභ්‍යාස ආයතනයේ පැවැති විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලැබූ වරාය සේවකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සුභසාධක සහ කාර්මික සම්බන්ධතා කොට්ඨාසය විසින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සංවිධානය කෙරිණ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 84 දෙනෙක් ඒ සඳහා සුදුසුකම් ලබා සිටියහ. ශිෂ්‍යත්ව ප්‍රදානයට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වසරකට වැය කරන මුදල රුපියල් ලක්ෂ 80 ක් වේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා , වරාය පමණක් නොව මෙරට කිසිඳු සම්පතක් විකිණීම හෝ වෙනත් රටකට පවරාදීම රජයේ අරමුණ නොවන බව පැවසීය.
“මමත්,මගේ නියොජ්‍ය ඇමතිතුමත් මේ කිසිම දෙයක් විකුණනවට කැමති නැහැ. ජනාධිපතිතුමත් එහෙමයි. අගමැතිතුමත් මේ දේවල් විකිණීමට විරුද්ධයි. අපි හම්බන්තොට වරායට අයෝජකයෙක් සොයන්න විශාල වෙහෙසක් දැරුවා. අද වනවිට අයෝජකයින් දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. ලේකම්වරුන්ගේ කමිටුව එයින් එක් කෙනෙක් තෝරා ගෙන අද වනවිට එම සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ හැරෙන්න කිසිම ගිවිසුමකට අද වනවිට අත්සන් කරලා නැහැ. මේ සාකච්ඡාවලදී චීන සමාගම හම්බන්තොට වරාය ලේකම් කමිටුවෙන් මුලින්ම ඉල්ලා තිබුණේ අවරුදු 198 කට. නමුත් අපිට පුළුවන් වුණා එය 99 අවුරුදු බද්ද දක්වා අඩු කිරීමේ සාකච්ඡාවලට අවතීර්ණය වෙන්න. නමුත් තවමත් එය අවසන් වී නැහැ. මගේ යෝජනාව නම් එය අවරුදු 50ක් විය යුතුයි කියන එක. එපමණක් නෙවෙයි අපිට අයිතිවාසිකම් තියෙන, කිසිම දෙයක් දෙන්න අපි සූදානම් වෙලා නැහැ.
ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසූයේ විවිධ අර්බුද හුවා දක්වමින් ආණ්ඩුව පෙරළීමට ඇතැම් පිරිස් උත්සාහ දැරවත් මේ රජය වෙනස් කිරීමට කිසිඳු ඉඩක් නොමැති බවයි.
“අපේ අර්ජුන රණතුංග ඇමතිතුමාට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වගකීමක් පවරලා තියෙනවා මේ සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් ගන්න. එතුමා ඒ උත්සාහයේ ඉන්නවා. මේක සුන්දර රටක්. මෙය රැකගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කැපවීමෙන් කටයුතු කරනවා කියන එක මම විශ්වාසයෙන් කියනවා. එතුමා ඒ පොරොන්දුව දීලා තියෙනවා. මම විශ්වාසයෙන් කියනවා මේ ගමන අපි ශක්තිමත්ව ඉදිරියට යනවා යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.
AP