අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ඖෂධ නිෂ්පාදනාගාරයක් හෙට විවෘත වෙයි

    ජනවාරි 10, 2017

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම හෙට (11) පස්වරු 2.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 1.5 කි. රජය වාර්ෂිකව රුපියල් බිලියන 55 කට වැඩි මුදලක් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් සඳහා වැය කරනු ලබයි.

    ඖෂධ වර්ග 12,100 ක ප්‍රමාණයෙන් වර්ග 32 ක් පමණක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මේ වනවිට නිෂ්පාදනය කරයි. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ දේශීය වෙළෙදපොලට සහ දිවයින පුරා රෝහල්වලට සැපයීමේ  අරමුණින් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

    තව ද විදේශ විනිමය ඉතිරි කර ගැනීම ද එහි තවත් අරමුණකි. 2018 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් සියයට 75 ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීම තම අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ ඖෂධ සමාගම් 32 ක් ගිවිසුම් අත්සන් කර ඖෂධ නිෂ්පාදනය කිරීමට සුදානම්න් සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya