අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සංවර්ධනය කිරීමට චීනයේ සහාය

    ජනවාරි 10, 2017
     
    මෙරට ජාතික වනෝද්‍යාන ඇතුළු සත්වෝද්‍යාන සංවර්ධනය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබාදීමේ අරමුණෙන් මෙරටට පැමිණි මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔවුන් පිළිගන්නා ලද්දේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය විසිණි.
     
    ගුවන් තොටුපොළේ අමුත්තන්ගේ ආලින්දයේදී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය සමග කෙටි පිළිසඳරක යෙදුණු මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සංවර්ධනය කිරීම සඳහා සහාය  ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
     
    මෙරට ජාතික උද්‍යාන හා සත්වෝද්‍යාන සංවර්ධනය කිරීමට චීන රජයේ සහයෝගය හිමිවීමෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බව සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
     
    මෙම චීන නියෝජිත පිරිස රිදියගම සෆාරි උද්‍යානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද සහභාගී වන අතර උඩවලව ජාතික උද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය නිරීක්ෂණය කිරීමද සිදු කිරීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya