මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීමානිර්ණය කමිටු වාර්තාව හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්- මාධ්‍ය නිවේදනය

    ජනවාරි 09, 2017

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියළු දේශපාලන පක්‍ෂවලට පිළිගත හැකි අන්තර් කාලීන විධිවිධාන හා අවශ්‍ය නීතිමය සංශෝධන සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට 2017 ජනවාරි මස 23 වෙනි දිනෙන් පසුව නැවත රැස්වීමට සියළු පක්‍ෂ නායකයින් එකඟ වී තිබේ.

    මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙසේ ය.

     

    මාධ්‍ය නිවේදනය

    සීමානිර්ණය කමිටු වාර්තාව හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ අතර එයට එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් පක්‍ෂ නායකයින් හා නියෝජිතයන් ද, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා ඇතුළු නිලධාරීන් ද, සිමානීර්ණය කිරීමේ කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා හා කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.

     

    සීමානිර්ණය වාර්තාව ප්‍රකාශයට පත් කළ ද පවතින නීතිය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව පවතින ගැටළුකාරී වාතාවරණය පිළිබඳවත්, පවතින නීතිය යටතේ මැතිවරණය පැවැත්වීමට නම් සංශෝධන 56 ක් සිදු කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් කර ඇති යෝජනාවත්, කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්වීම පිළිබඳවත්, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

     

    මීට සමගාමීව සීමානිර්ණය කමිටු වාර්තාව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙත භාර දීමටත් ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසිමේ ආඥා පනතේ 3 (ඈ) වගන්තිය අනුව ගැසට් පත්‍රයේ පළ කිරීමටත් තීරණය විය.

     

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියළු දේශපාලන පක්‍ෂවලට පිළිගත හැකි අන්තර් කාලීන විධිවිධාන හා අවශ්‍ය නීතිමය සංශෝධන සම්බන්ධව අවසන් තීරණයක් ගැනීමට 2017 ජනවාරි මස 23 වෙනි දිනෙන් පසුව නැවත රැස්වීමට සියළු පක්‍ෂ නායකයින් එකඟ වූහ.

     

     

    ඒ∙ හිල්මි මොහමඩ්

    ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya