අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හන්තාන රැක ගැනීමට දැනුවත් කිරීමේ පුවරු සවි කිරීම හෙට

    ජනවාරි 09, 2017
     
    හන්තාන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ පාරිසරික පද්ධතිය රැක ගැනීමේ අරමුණින් මහජනතාව දැනුවත් කිරිම සදහා දැන්වීම් පුවරු සවි කිරීමේ විශේෂ වැඩසටහනක්  පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙ.ව. 10.00 ට හන්තාන තපෝදාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 
    හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් සහ දෙස් විදෙස්  සංචාරකයන්ගේ නොදැනුවත්කම නිසා සිදු කරන විවිධ පාරිසරික හානි අවම කර ගැනීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. 
     
    මධ්‍යම පරිසර අධිකාරිය පවසන පරිදි  හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය දෙස් විදෙස් සංචාරයකයන් රැසකගේ අවධානය දිනා ගත් ප්‍රදේශයකි. ඒ අනුව දිනපතා දෙස් විදෙස් සංචාරකයන් රැසක් මෙම ප්‍රදේශයේ පාරිසරික සුන්දරත්වය විදීමට එම ප්‍රදේශයට පැමිණෙයි. එසේ පැමිණෙන ඇතැම් සංචාරකයන්ගේ නොදැනුවත්කම නිසා සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් හන්තාන පාරිසරික ආරක්ෂක කලාපයට තර්ජන රැසකට මුහුණ දීමට සිදුව තිබේ. මීට අමතරව හන්තාන ආරක්ෂක ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසාද එම පරිසරය තර්ජනයට ලක් ව තිබේ.
     
    මෙම අවස්ථාව සදහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතය. 
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya