මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන ගැන වැරදි මතයක් ඇති කිරීම සාදාචාර නැහැ - ඇමැති විජිත් විජයමුණි

    ජනවාරි 08, 2017

    මෙරට ස්වභාවික පිහිටීම මත ආයෝජන අවස්ථා ලබා ගනිමින් තරුණ පිරිසට රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් හම්බන්තොට මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශ සංවර්ධනය කිරීමටත් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල ද ප්‍රයෝජනයට ගනිමින් ආයෝජන අවස්ථා පුළුල් කිරීමට කටයුතු කරන බවත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයියා මහතා පැවසීය.

    මෙරට් ආර්ථික වෙනස් ඇති කිරීමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ රජයත් දැවැන්ත වැඩපිළිවෙළකට යෙදී සිටින අතර එය ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත් ආර්ථික වශයෙන් බංකොළොත්, විශාල ණයක් සමඟ ජනතා සුබසාධනයත් සමඟ ඉදිරියට ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    තරුණ පිරිසට රැකියා ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්, නිපුණතා සහිත ශ්‍රමිකයින් ඇති කිරීම යනාදී වැඩපිළිවෙළක්  චීන රජය සමඟ එක්ව ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද( 08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම පුළුල් ආයෝජන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කිරීම සදාචාර සම්පන්න දේශපාලඥයින්ගේ ක්‍රියා පිළිවෙත නොවන බව ද සඳහන් කළේය.

    අගමැතිවරයා, චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූ උත්සව අවස්ථාවට උද්ඝෝෂකයින්ගෙන් පැමිණීම වැළැක්වීමට පොලීසිය කටයුතු කර තිබෙන බව හම්බන්තොට ඊයේ (07) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    දකුණේ මෙම ආයෝජන කලාපය තුළින් කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya