අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්කර පාසල් සඳහා පුස්තකාල පොත් සහ උපකරණ පරිත්‍යාග කිරීම හෙට

    ජනවාරි 08, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණ සැමරීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් දුෂ්කර පාසල් සඳහා පොත් සහ පාසල් පුස්තකාල උපකරණ පරිත්‍යාග කිරීම හෙට (09) බලංගොඩ හල්පේ කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වේ.


    ඒ අනුව බලංගොඩ හල්පේ කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් එම විද්‍යාලයේ පුස්තකාලය සංවර්ධනය කිරීමට රාක්ක, පොත් සහ අනෙකුත් පුස්තකාල ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කෙරේ. මීට අමතරවප්‍රදේශයේ තෝරා ගත් තවත් පුස්තකාල 20ක් වෙනුවෙන් රු. 30,000ක් වටිනා පොත් කට්ටලය බැගින් පරිත්‍යාග කිරීම දමෙහිදී සිදු වේ.

     

    පාසල් දරුවන්ට කියවීම හුරුකරවීම හා පාසල් පුස්තකාල ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

     

    මෙම වැඩසටහන සඳහා පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ, සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, බලංගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් හා ගුරුවරුන්, පාසල් දරුවන් මෙන්ම දෙමාපියන් ඇතුළු පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya