අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළ විශිෂ්ටයන්

    ජනවාරි 07, 2017

    2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර‍ (උ/පෙළ) විභාගයේ ප්‍ර‍තිඵල අද(07) නිකුත් වූ අතර එක් එක් විෂය ධාරාවන්ගෙන් දිවයිනෙන් පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් පිළිබඳ තොරතුරු පහත සඳහන් වේ.

    ජීව විද්‍යා අංශයෙන්


    දිවයිනේ ප්‍රථම ස්ථානය - මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී.නිසල් පුන්සර
    දෙවන ස්ථානය කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්. රොෂේන් අක්තාර්
    තෙවන ස්ථානය කල්මුණේ කාර්මෙල් ෆාතිමා විද්‍යාලයේ ජී. ක්ලෙරින් දිලුජාන්

    භෞතීය විද්‍යා විෂය ධාරාව


    දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි
    දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී.චතුර ජයසංඛ
    තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී.සවිඳු දිමාල් තානුක

    වාණිජ්‍ය විෂය ධාරාව


    දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ
    දෙවන ස්ථානය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඔනිල් වින්දුල පෙරේරා
    තෙවන ස්ථානය පොලොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රුපසිංහ

    කලා විෂය ධාරාව


    දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී ගවරම්මන
    දෙවන ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෙෂාන්
    තෙවන ස්ථානය කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ යූ.ඩබ්ලිව්. අමන්දා පාරමී

    ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව


    දිවයිනේ ප්‍රථම ස්ථානය යාපනය ස්කදන්දවාරෝදය විද්‍යාලයේ කනකසුන්දරම් ජතුර්සජාන්
    දෙවන ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයේ නිසල් කොබ්බෑකඩුව
    තෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සන්දීප අන්ජලී රණතුංග

    ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව


    දිවයිනේ ප්‍ර‍ථම ස්ථානය කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශශිකලා
    දෙවන ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මයුමි තත්සරණී
    තෙවන ස්ථානය ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයේ ඉල්යාස් ෆාතිමා අරෝස


    පොදු විෂය ධාරාව

    දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ තිලාර ඒකනායක

    දෙවන ස්ථාන පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි තුන්මෝදර, පැල්පොල ප්‍රදේශයේ පදිංචි ධනංජය විමුක්ති කරුණාරත්න

    තෙවන ස්ථානය පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි ගාල්ල, උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි ලහිරු සසංක 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya