මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය, දකුණේ මහජනතාවට ලැබෙන විශල ජයග්‍රහනයක් -අමාත්‍ය අර්ජුන රණතුංග

    ජනවාරි 07, 2017

    ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය දකුණේ මහජනතාවට ලැබෙන විශල ජයග්‍රහනයක් බවත් හම්බන්තොට වරාය විකුණන්න්නේ නැති බවත් වරායේ ණය ගෙවාගෙන වරාය සංවර්ධනය කිරීමයි සිදු කරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය අද (07) හම්බන්තොට දී ආරම්භ කරන උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය

    ආණ්ඩුවක් හදලා වසර දෙකකට පසු මේ රුහුණු සංවර්ධන කලාපය, ආරම්භ වුණා.අද වෙනකොට අපිට තිබෙන ප්‍රශ්න විසඳාගෙන රටක් හටියට ලෝකයේ ජනප්‍රිය වූ තවත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන්නේ.

    විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උත්තර දෙන්න ගියෝත් ව්ඩ කරන්න බෑ. රුපියල් මිලියන 197කට වරායේ වියදම. මේ ණය ගෙවන්නේ කොහොමද. සේවකයෝ බදව ගත්තේ නෑ වරාය අධිකාරියෙන්.මහින්ද රාජපක්ෂ පාලනකාලයේ තමයි මාගම්පුර වරාය පටන් ගත්තේ.

    අපි වරාය විකුණන්න්නේ නෑ. වරායේ ණය ගෙවාගෙන වරාය සංවර්ධනය කිරීමයි සිදු කරන්නේ ආයෝජකයොත් එක්ක එකතු වෙලා කරන්නේ.පසුගිය ආණ්ඩුවට ගෙවනන් බැරි වූ ලබාගත් ඉඩම් වල වන්දි අපි ගෙවනවා.අපි ඇමැතිවරු කීපදෙනෙක් සමඟ පැය ගණනනක් සාකච්ඡ කරගෙන යනවා, අපිට හොඳ වෙන ක්‍රමයක් හදාගන්න. අද සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.අපිටත් තිබුණා ණය ගෙව ගෙව කරට බදු පටවන්න. මේ ක්‍රමය වෙනස් කරගෙන ආයෝජකයෙක් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න සූදානම්,වරාය සංවර්ධනය කරන්නට.

    වරායේ මුදල් කොළබින් ගෙව්වා. කොළඹ සංවර්ධනය කරන්න පුළුවන් කමක් නෑ. අපි සාකච්ඡා කරගෙන යනවා. තව සති කීපයකින් මූලික ගිවිසුමකට අත්සන් කරන්න හැකි වෙනවා. මෙය දකුණේ මහජනතාවට විශල ජයග්‍රහනයක්.  මෙහි සේවකයන් දෙදහසක් පමණ අවශ්‍ය වෙනවා. අපි සමඟ අත්වැල්ල බැදගන්න කියා ඉල්ලනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya