මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය නිසා බලවත් ආර්ථිකයක් දකුණෙන් බිහිවෙනවා

    ජනවාරි 07, 2017

    ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය පිහිටුවීම විරැකියාව නැති කරන කැරැල්ලක් බවත් මෙම වැඩපිළිවෙළින් බලවත් ආර්ථිකයක් දකුණෙන් බිහිවන බවත් නීතිය හ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය අද (07) හම්බන්තොට දී ආරම්භ කරන උත්සව අවස්ථාවට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    අතිගරු ජනාධිපතිතුමාට හා අගමතිතුමාට ස්තූතිවන්න වෙනවා.උදව් උපකාර කළ සැමට ස්තූතිවන්න්ත වෙනවා. අද දකුණට වැදගත් දවසක්. විරැකියාව මේ ප්‍රදේශයේ තුබුණු ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ විරැකියාව නැති කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. වරායක් දියුණු කරන, ආර්ථික කලාපයක් දියුණු කරන වැඩපිළිවෙලක් නොවේ, බලවත් ආර්ථිකයක් දකුණෙන් ඇතිවන්නේ මේ වැඩපිලිවෙලින්. වක්‍ර ආර්ථික අවස්ථාව බොඝොමයක් ඇති වෙනව.ගොවිතැනටත් ශක්තියක් ලබෙනවා.කලාපයේ බලවතෙක් වෙන්න කර්මාන්ත සේවා පදනම් වූ අර්ථිකයක් ගොඩනගන්න. අපි බස්නාහිර පළාතට පමණයි දෙවැනි වන්නේ. මෙම වැඩසටහන විරැකියාව නැති කරන කැරැල්ලක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya