සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු රෝගය හඳුනාගැනීමට පරික්ෂා කිරීම් වැඩි කර තිබෙනවා

    ජනවාරි 07, 2017

    වකුගඩු රෝගය හඳුනාගැනීමට පරික්ෂා කිරීම් වැඩි කර තිබෙනවා. 2016 වසරේ පමණක් ලක්ෂ තුනක් පමණ පරික්ෂා කර තිබෙනවා.වකුගඩු බද්ධ කිරීතවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ( මහජන සෞඛ්‍ය ) වෛද්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය.

    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ දෙවසරක ගමන් මඟ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  ප්‍රකාශ කළේ ය.

     

    වකුගඩු රෝගය ඇති වීමට හේතුව කුමක්දැයි සොයාගැනීමට නොහැකි ප්‍රදේශ කීපයක් තිබෙනවා.උතුරුමද පළාත, මදවච්චිය, රඹෑව, මඩකලපුව,ඇලහැර,ගිරාදුරුකෝට්ටේ, රිදීමාලියද්ද,වැලි ඔය, වව්නියාව වැනි ප්‍රදේශවල වකුගඩු රෝගීන් වාර්තා වෙනවා.මේ වනවිට වකුගඩු රෝගීන් 21,000ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

    මේ වනවිටත් අවශ්‍ය ඖෂධ ලබාදී තිබෙනවා.කුඩා රෝහල්වලට පවා ඖෂධ ලබාදී තිබෙනවා.රෝහල් 65කට රුධිර කාන්දුකරණ උපකරණ ලබාදී තිබෙනවා. ජංගම රුධිර කාන්දු කරන රථ ඉදිරියේ දී ලබාදීමට අඳහසක් තිබෙනවා. මෙම රථ මඟින් ගම්වල සිටින් රෝගීන් සොයා ගොස් ප්‍රථිකාර කිරීමට හකියාව ලැබෙනවා.අතිගරු ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අඳහසත් එයයි.

     

    වකුගඩු බද්ධ කිරීම් 250ක් පමණ සිදු කර තිබෙනවා.යාපනය, මඩකළපුව, යන මූලික රෝහල්වලට වකුගඩු බද්ධ කිරීමේ ඒකක පිහිටුවෙනව.කරපිටිය, මඩකලපුව  රෝහල්වලට විශේෂ වකුගඩු ඒකක පිහිටුවෙනවා.

    පොළොන්නරුවට විශේෂ වකුගඩු ඒකකයක් පිහිටුවෙනවා.වකුගඩු රෝගය හඳුනාගැනීමට පරික්ෂා කිරීම් වැඩි කර තිබෙනවා. 2016 වසරේ පමණක් ලක්ෂ තුනක් පමණ පරික්ෂා කර තිබෙනවා ඉන් වකුගඩු රෝගීන් 21,000ක් සොයාගැනීමට හැකි වුණා.

    ප්‍රධාන වශයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, මඩකළපුව, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් වැඩිපුර වාර්තා වෙනවා.වයස අවුරුදු 20ට වැඩි මදි වියේ කණ්ඩයම් වකුගඩු රෝගයට ගොදුරු වී සිටිනවා. වකුගඩු රෝගය නිසා වසරකට 5000ක් පමන මිය යනවා.වකුගඩු බද්ධ කිරීතවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya