සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදන්ගත වකුගඩු රෝගය ඇතිවීමට හේතු කාරණා සොයාබැලීමේ කටයුතු කරනවා

    ජනවාරි 06, 2017

    වසර 2018 වනවිට නිදන්ගත වකුගඩු රෝගය ඇතිවීමට හේතු කාරණා සොයාබැලීමේ කටයුතු සොයාබැලීමට අවශ්‍ය අඬිතාලම මේවනවිටත් දමා ඇතැයි වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ  අසේල ඉද්දවෙල මහතා පවසයි.


    වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ දෙවසරක ගමන් මඟ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මේ බව අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  ප්‍රකාශ කළේ ය.

     

    අතිගරු ජනාධිපතිතුමාගේ දර්ශනය අනුව, මේ කටයුතු සිදු වෙනවා. කාර්යසාධක බලකාය ආරම්භ කර තිබෙනවා, වකුගඩු රෝගයට හේතු කාරණා පිළිබඳව පරීක්ෂණ කටයුතු පටන් ගැනීමට.පානීය ජල යෝජනා ක්‍රම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.මිලියන 208 ක වියදමින් ජලපෙරණ යන්ත්‍ර 170ක් පවුල් 58,000ක්ගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් ලබා දී තිබෙනවා.

    වසර 2017 දී ජලපෙරණ යන්ත්‍ර 350ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.ජල යෝජනා ක්‍රම ඔස්සේ මේ සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කරනවා යැයි ද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya