මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුබ මොහොතින් රුහුණු සංවර්ධන කාලපය අද ආරම්භ වෙයි

    ජනවාරි 07, 2017

    රුහුණු සංවර්ධන කාලපය අද (07) ආරම්භ කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙන්ම ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැංලියැන් මහතාගේ සහභගීත්වයෙන් රුහුණු කලාපය ආරම්භ වීම හම්බන්තොට,මිරිජ්ජවිල, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී  ආරම්භ වීමට නියමිතය.

    උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගිය (05) දින මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රුහුණු සංවර්ධන කාලපය පිළිබඳව මෙලෙස අඳහස් දැක්වීය.

    "දිස්ත්‍රික් 04ක් කේන්ද්‍රකරගනිමින් අක්කර 15,000ක් පුරා ඇති කිරීමට නියමිත ආර්ථික කලාප සඳහා ඉඩම් ලබාගැනීමේ දී පෞද්ගලික ඉඩම් ලබාගැනීමට සිදුවන්නේ 5%ක් තරම් ඉතා සුළු කොටසක්. මේ සියලු පවරාගැනීම් සිදුකරන්නේ ජනතාවගේ කැමැත්ත මත ඒ සඳහා වන්දි ගෙවීමක් සිදු කිරීමෙන් අනතුරුවයි" යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    රජය විසින් යෝජනා කළ සමාගම් දෙකින් ඉදිරිපත් කළ යෝජනාවන් ආර්ථික කමිටුවේ දී සාකච්ඡා කොට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස හවුල් බදු ගිවිසුමකට යාමට කටයුතු කළ බවත් කී අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා තවත් සති දෙකක පමණ කාලයකින් සියලු අවබෝධතා ගිවිසුම් අත්සන් කොට අවසන් කරන බවත් පැවසීය.

    ආර්ථික කැබිනට් අනු කමිටුව විසින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුතු ව කමිටුවක් පත් කොට තිබේ. අමාත්‍යවරුන් වන රවි කරුණානායක, අර්ජුන රණතුංග, සාගල රත්නායක, නිමල් සිරිපාල ද සිල්වා හා මලික් සමරවික්‍රම මහත්වරුන් එහි සෙසු සමාජිකයෝ වෙති.  



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya