මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සතුටු ගම්මාන”ව්‍යාපෘතිය 08 වනදා ඇරඹේ

    ජනවාරි 07, 2017

    ජනපති පදවි ප්‍රාප්තිය දෙවර්ෂ පුර්ණය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සතුටු ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

    මෙහිදී ගම්මානවල ප්‍රජානායකයින් බලගන්වා ප්‍රජාවගේ ද සහයෝගය, සහභාගීත්වය සහ ප්‍රජා බලගැන්වීම තුළින්ර්‍ණ සතුටු ගම්මාන” බිහිකිරිමට නියමිතය. 2017 වසර පුරා මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම වැඩසටහන් මාලාෙවි පළමු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි.

     

    කළුතර බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හල්කඳවිල ගම්මානයේ දී සමාරම්භක වැඩසටහන ජනවාරි 08 දා ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.


    ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමෙින්තුවට අනුව මූර්ත මාසික ඒකපුද්ගල මුළු පරිභෝජන වියදම රුපියල් 4064 කට (2016 ඔක්තෝබර් වනවිට) වඩා අඩු ජන සංඛ්‍යාව දිළින්දන් වශයෙන් හදුන්වනු ලබයි.

     

    පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවෙි සාපෙක්ෂ දරිද්‍රතාවයේ අගය ඉහළ මට්ටමක පැවැතීම ආර්ථීක වර්ධනයෙහි ඉමහත් ගැටලුවක්ව පවතී. දිළිදුකම පිටුදැකිම උදෙසා ආර්ථික වර්ධනය අනිවාර්යයෙන්ම අවශ්‍යවන්නා සේම සෞඛ්‍ය අංශයේ පහසුකම් වැඩිදියුණු කිරිම මෙහි ප්‍රබල සාධකයක් වේ. මානව ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය උදෙසා වර්තමාන රජයේ ප්‍රතිපාදන මත විවිධ වැඩසටහන් මෙි වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කොට ඇත.

     

    එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙි ජනගහනයෙන් සියයට 70 ක් සහ දිළිදු ජනගහනයෙන් සියයට 90 ක් වාසය කරනු ලබන ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය සදහා වැඩි අවධානයක් යොමුකර ඇත.

     

     තවද නව රජයේ දින 100 වැඩසටහනට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරනු ලබන ගැබිණි මවිවරුන් සදහා පෝෂණ මල්ලක් ලබාදීම, දුම්වැටි ආශ්‍රීත නිෂ්පාදනවල රූපමය අවවාද ඇතුළත් සියයට 80 දක්වා වැඩිකිරිම, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම තුළින් ඖෂධ වර්ග 48 මිල පාලනය කිරිම, වැනි වැඩසටහන් දිළිදුකම පිටුදැකීමෙහි ලා මහගු මෙහෙවරක් ඉටුකරනු ලබයි. එපමණක් ද නොව විවිධ පෝෂණ ඌණතාවයවන් කෙරෙහි සෞඛ්‍යාරක්ෂිත ආහාර රටා භාවිතා නොකිරිම, යහපත් සෟඛ්‍ය පුරුදු පවත්වා නොගැනීම, නිවැරදි ආහාර තෝරා ගැනීෙමි අපහසුතාවය, ආහාර සම්බන්ධයෙන් ප්‍රජාව අතර පවතින විවිධ ආකල්ප හා මිථ්‍යා මත යන පෝෂණ ගැටළු බොහෝමයක දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොට්ඨාස ආශ්‍රිතව දැකගත හැකිය.

     

    මෙම කරුණු පදනම් කර ගනිමින් ජනතාව දිළිදුකමින් නිදහස් කිරීම සදහා කෙටි කාලීන සහ දිර්ඝ කාලීන ව්‍යාපෘති රජය විසින් හදුනාගෙන ඇත. දිළිදුකම පිටුදැකීම උදෙසා ප්‍රජාව බලගැන්වීෙමි අරමුණින් සතුටු ගම්මාන ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත්කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

     

    2017 වසර දිළිදුකමින් නිදහස් කිරීමේ වර්ෂය පදනම්කර ගනිමින් ර්‍ණසතුටු ගමමාන” ව්‍යාපෘතිය දියත්කරන අතර, එම වර්ෂයේ දී දිස්ත්‍රික්ක දෙකක් ආවරණය වන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය අවම කිරිම උදෙසා ගම්මාන තුල මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්පැන් සහ දුම්වැටි නිවාරණ වීදි නාට්‍ය ආරම්භ කිරීම, ගම්මානය තුල වියපත් වූවන් සහ ආබාධිතයින් සදහා පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සියදිවි නසා ගැනීම් අවම කිරිම සදහා උපදේශන වැඩමුළු පැවැත්වීම, බෝනොවන රෝග පාලනය කිරිම සදහා වැඩසටහන් දියත් කිරිම, ගම්මාන තුල සනීපාරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ප්‍රජාවගේ සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කිරීම සදහා ජංගම සෞඛ්‍ය කදවුරු පැවැත්වීම මෙහිදී සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya