සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බඩල්කුඹුර ජනතාවට රුපියල් ලක්ෂ 25 ක් වටිනා උපකරණ බෙදා දේ

    ජනවාරි 06, 2017
     
    පවුල් රැසකට දියර ඉසින යන්ත්‍ර, ජල ටැංකි, ජල මෝටර්, විදුලි ජනක යන්ත්‍ර, තහඩු මඩු, පුටු ඇතුළු උපකරණ රැසක් බෙදාදීම  තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පසුගියදා සිදු කෙරිණි.
    බඩල්කඹුර ප්‍රදේශයේ අසරණ පවුල් විවිධ ස්වේඡා සංවිධාන හා විවිධ සමිතිවලට මෙහිදී බෙදන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් හාරලක්ෂ අසූඑක් දහසකි.
     
    මීට අමතරව මොණරාගල ප්‍රදේශයට රුපියල් ලක්ෂ 14ක් වටිනා උපකරණද, සියඹලාණ්ඩුව ප්‍රදේශයට රුපියල් ලක්ෂ 07 ක් වටිනා උපකරණද නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් බෙදාදෙන ලදී.
     
    රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් උපකරණ මෙසේ බෙදාහරින ලද්දේ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මියට 2016 වසර වෙනුවෙන් ලැබුණු විමධ්‍යගත ප්‍රතිපාදන වලිනි.
     
    මෙම අවස්ථාවට පළාත්සභා, පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya