සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව එළිදකී

    ජනවාරි 05, 2017

    සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ වාර්තාව මේ වන විට එළිදක්වා තිබෙන අතර කලාපීය කාර්ය සාධක 15ක් පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කර තිබෙන බව එහි සභාපති මනෝරී මුත්තෙටුවගම මහත්මිය ප්‍රකාශ කළාය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

    යෝජිත සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳව මහජන අදහස් සහ යෝජනා ශ්‍රී ලංකා රජය අදහස් කළ අතර යෝජනා තුළින් ගැටුම් නිරාකරණය, පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සහ ජාතික සංහිඳියාව ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙම කාර්ය සාධක බලකායේ ක්‍රියාපටිපාටිය ඔස්සේ අපේක්ෂා කළ බව ඇය පෙන්වා දුන්නාය.

    ජනතාව මෙම ක්‍රියාවලිය සහභාගි කරවා ගැනීමේදී විවිධ ක්‍රම අනුගමනය කළ අතර එම සියලු අදහස් විශ්ලේෂණය කර නිර්දේශයන් මෙම වාර්තාව තුළින් ඉදිරිපත් කර තිබෙන බව ඇය සඳහන් කළාය.

    ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා 1386ක්, පොදු මහජන රැස්වීම් 4872ක් සහ  ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් 1048ක් සිදු කර තිබේ. උතුරු නැගෙනහිර මෙන් ම දකුණු පළාතේද මහජන අදහස් ලබා ගැනීම සිදු විය.

    මෙම ක්‍රියාවලිය  සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට රජය විසින් ඒ පිළිබඳව විශේෂඥ දැනුමැති සිවිල් සමාජ සමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පත් කළේය.

    සියලුම අදහස් සහ යෝජනා විමර්ශනය කොට සලකා බැලීමෙන් පසුව අවසන් වාර්තාව සැකසීමට පියවර ගෙන තිබෙන අතර එම වාර්තාව රජයට මෙන්ම මහජනතාවට ලබාදීමට පියවර ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya