නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා 7,000ක් ලබාදෙන කර්මාන්ත ශාලාවක් හෙට විවෘත වෙයි

    ජනවාරි 05, 2017

    තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් කොග්ගල නිදහස් වෙළෙඳ කලා‍පයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් හෙට (06) සිදු  කෙරේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවිප්‍රාප්තියට සමගාමීව මෙම කර්මාන්ත ශාලාව විවෘත කෙරෙන අතර ඒටීජී හෑන්ඩ් කෙයාර් පෞද්ගලික සමාගමට අයත් මෙම කර්මාන්ත ශාලාව මඟින් අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය.

    කොක්ගල නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රයේ අක්කර 12ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.1994 වසරේ ජුනි 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එකළ කර්මානත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් කර්මාන්ත ශාලාව ඉතිහාසයට එක් වෙයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩැරිස්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya