නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහයක්

    ජනවාරි 05, 2017
    2017 සිට ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හරිතකරණයට ලක්කිරීමේ පළමු අදියර ලෙස රාජ්‍ය අංශයේ ආයතනයන්හි ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස පවත්වා ගෙන යෑම සඳහාවු හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහය සහ හරිත ඇගයීම් ක්‍රමවේදය පිළියෙළ කර ඇති බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා පවසයි.
    මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සහ හරිත ක්‍රමවේදය එළි දැක්වීම ජනවාරි මස 09 වන දින පෙ.ව.9.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය. 
     
    ජනාධිපති ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත ගොඩනැගිලි මාර්ගෝපදේශ සංග්‍රහය සහ හරිත ඇගයීම් ක්‍රමවේදය පිළියෙළ කර ඇත.   
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya