මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට තම කමැත්තෙන් ම පුනරුත්ථාපනය වීමට පොදු සමා කාලයක්

    ජනවාරි 05, 2017

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමට විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට තම කමැත්තෙන් ම පුනරුත්ථාපන වැඩසටහනට සහභාගීවීමට පොදු  සමා කාලයක් ප්‍රකාශයට පත් කරන බවත් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමට විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ඔවුන්ට කමැත්තෙන් ම පුනරුත්ථාපන වැඩසටහනට සහභාගීවීමට පොදු  සමා කාලයක් ලබාදීමට කටයුතු කරනවා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් මේ වනවිටත් හඳුනාගෙන තිබෙනවා.වසර 2020 වනවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ සියලු දෙනා පුනරුත්ථාපනය කිරීමයි ඉලක්කය.

    මේ වනවිටත් දිස්ත්‍රික් මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා තිබෙනවා.වසර 2017 දී ග්‍රාමීය මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමයි ඉලක්කය.අද ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනා විශාල කැපවීමක් කරනවා.මත්ද්‍රව්‍යවලින් රටේ දරුවන් බේරාගැනීමට අපේ ආරක්ෂක අංශ විශාල ලෙස කැපවී සිටිනවා.

    මේ වනවිට සිගරට් භාවිතය අඩු වී තිබෙනවා.නීති විරෝධී ලෙස සිගරට් එන එක නැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එය සාර්ථක වී තිබෙනවා.නවික හමුදාව  රට තුළට මත්ද්‍රව්‍ය  ඒම වැළැක්වීමට විශාල ලෙස කැප වී කටයුතු කරනවා. ඒ වගේම බීඩි භාවිතය වැඩි වී ඇතැයි කියනවා . එසේ වැඩි වීමක් නෑ යැයි ද වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya