මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි

    ජනවාරි 04, 2017

    සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් තරුණ ප්‍රජව දියුණු තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයට දායක කර ගැනීම ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති කාර්යසාධක බලකායේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජේරත්න සකලසූරිය මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (04) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් විජේරත්න සකලසූරිය මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

     

    ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබෙනව.අපිට මීට පෙර ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කිසිම සැළැස්මක් තිබුණේ නෑ. ආහාර සුරක්ෂිතතා කාර්යසාධක බලකාය පසුගිය වසර දෙක තුළ සියලු ආයතන එකතු කිරීමට කටයුතු කළා.පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගත්තා. අද පෞද්ගලික අංශය කෘෂිකර්මය පිළිබඳව නිවැරැදි දිශානතියකට පැමිණ තිබෙනවා.

     

    නිෂ්පාදනය ඉලක්ක කරගනිමින් පාරිබෝගික ජනතාව වුවමනා දේ සැපයීමයි අපේ අරමුණ වී තිබෙන්නේ.සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව තිබුණේ විශාල ගැටළුව.සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැවැන්ත වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් තිබෙනවා.ඒ සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. වස විෂ නැති ආහර පිළිබඳව රටේ ආකල්පය ඇති වී තිබෙනවා. මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීමට අවශ්‍ය පදනම සකස් කර තිබෙනවා.

     

    රටේ පවුල් ලක්ෂ 32ක් සෘජු හා වක්‍ර ලෙස කෘෂිකර්මාන්තයට සම්බන්ධ වී සිටිනවා. තරුණ ප්‍රජව දියුණු තාක්ෂණය සමඟ කෘෂිකර්මාන්තයට දායක කර ගැනීම ආරම්භ කර තිබෙනවා. පැල සිටුවන යන්ත්‍ර 200ක් තරුණ ප්‍රජාවට ලබාදෙමින් ඔවුන් ව්‍යාපාරික කෘෂි කර්මාන්තයට උනන්දු කරලීමට කටයුතු කරනවා යැයි ද මාධ්‍ය හමුව අමතමින් විජේරත්න සකලසූරිය මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya