සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට කිසිදු විදියකින් චීනයට විකුණන්නේ නැහැ - ඇමැති රාජිත

    ජනවාරි 04, 2017

    හම්බන්තොට කිසිදු විදියකින් චීනයට විකිණීමක් සිදු නොවන අතර හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ ආයෝජන අවස්ථාව පුළුල් කිරීම වෙනුවෙන් බදු ක්‍රමය යටතේ චීන රජය සමඟ එක්වී කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඉඩම් අක්කර 15000ක ආයෝජන අවස්ථා ඇති කිරීමේදී පෞද්ගලික ඉඩම්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වෙළෙඳ කලාපයක් ඇති කිරීම තුළින් රැකියා ලක්ෂ ගණනක් ඇති වන බව ද සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙම ආයෝජන අවස්ථා ඇති කිරීම තුළින් මාගම්පුර දියුණු බල ප්‍රදේශයක් බවට පත් වන බවයි.

    නිදහස් වෙළෙඳ කලාපයක් ඇති නොකළහොත් මන්තල ගුවන්තොටුපොළින් වැඩක් නැති අතර තෙල් සංකීරණයක් නැති වුවහොත් හම්බන්තොට වරායෙන් වැඩක් නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

    හම්බන්තොට වරායේ සිට නාවික සැතපුන් 12ක් දුරින් ජාත්‍යන්තර මුහුදු තීරණය පිහිටා තිබෙන අතර එම මාර්ගය ඔස්සේ නැව් 700ක් පමණ ගමන් කරනවා. එම නැව් තෙල් ලබා ගැනීමට නාවික සැතපුන් 200ක් 300ක් වැනි දුරක් ගමන් කරන අතර එම අවස්ථාව මෙරට හම්බන්තොට වරායට ලබා ගැනීමෙන් විශාල ආදායමක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එම නැව් 70කට හම්බන්තොට වරායෙන් තෙල් ලබා දුන් විට රුපියල් බිලියනකට වඩා වැඩි මුදලක් ලබා ගැනීමට හැකිය. මේ වන විට හම්බන්තොට වරාය නඩත්තුව සඳහා කෝටි 60ක් වැය කරන අතර ආදායම ලැබෙන්නේ කෝටියක් පමණ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    හම්බන්තොට ආයෝජන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් චීන රජය මඟින් එහි සියලු යටිතල පහසුකම් දියුණු කරනු ලබන අතර ශ්‍රී ලංකාවට ඉන් කිසිදු පාඩුවක් සිදු නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya