මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි - දැයේ දරුවන්ගේ ආරක්ෂාව, සුරක්ෂිත හෙට දවස වෙනුවෙන් සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතුයි

    ජනවාරි 04, 2017

    දැයේ දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය නටශා බලේන්ද්‍ර මහත්මිය පවසයි.

    ජනවාරි 04 දිනට යෙදී තිබෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්  මේ බව ප්‍රකාශ කරයි.

    ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වර්ෂයකම ජනවාරි 04 දින මෙය ප්‍රකාශයට පත් කර අත්තේ,ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන් ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ළමා හිතකාමී පරිසරයක් ගොඩනැඟීම පරමාර්ථයෙනි.

     

    මෙරට වැඩිහිටියන් වන අපි සෑමවිටම ළමයා ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැළකිල්ල ආරක්ෂව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකයේ වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක් වෙමු.

    දරුවෙකු සිදු කරන වැරැද්දකට ශාරිරිකව දඬුවම් කිරීමට වඩා ඔවුව හෝ ඇයට එය වැරැද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම තුළින් ලබෙන ප්‍රතිලාභ වැඩදායක වේ. අප කළ යුත්තේ, දරුවා නිවැරැදි කිරීම, අවබෝධ කරදීම, දැනුව කිරීම, මෙන්ම ඔවුන්ට නිවැරැදි මඟ පෙන්වා දීමයි.විශේෂයෙන් ම ළමුන්ගේ අඳහස්වලට ගරු කරමින් තීරණ ගැනීමේ දී ඒවා ක්‍රියාත්මක කිරීමට ද වැඩිහිටියන් වශයෙන් අප වගබලාගත යුතු බවද සභාපතිනිය පවසයි.

    ළමා හිංසනයන් තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්, සෞඛ්‍ය හා මානසික තත්ත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳවැටීමත් සිදු වේ.එබැවින් වැඩිහිටියන් ලෙස අප සමාජයේ දරුවන්ට ආදරයෙන් රැකබලාගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වග විය යුතු බවද නිකුත් කළ නිවේදයේ තවදුරටත් සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya