සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙම වසර වරාය අධිකාරියේ තීරණාත්මක වසරක් - වරාය අමාත්‍ය

    ජනවාරි 03, 2017
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවතින ගැටළු නිරාකරණය කරමින් සංවර්ධන ක්‍රියාවලියට උරදීමට උදාවන වසරේ සිදුව ඇති බවත් මෙම වසර වරාය අධිකාරියේ සංවර්ධනයෙහි තීරණාත්මක වසරක් වන බවද වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
    ඒ මහතා මෙම අදහස් පළ කළේ නව වසරේ රාජකාරි අරඹමින් පැවති උත්සවයේදීය. 
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තයේ මිලියන 2.1 ක පමණ  බහලු ප්‍රමාණයක් මේ වන ව්ට මෙහෙයුම් කර තිබෙන බවත් එය වරාය අධිකාරිය ලැබු සුභවාදී තත්වයක් බවත් වරාය අධිකාරියෙහි සභාපති දම්මික රණතුංග මහතා මෙහිදී පැවසීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු රණතුංග මහතා තවද වරාය මෙහෙයුම් ක්‍රියාවලියේදී එහි ප්‍රමිතිය හා ඵලදායිතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ආපදා ආවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලද අතර විද්්‍යුත් ව්‍යාපාරකරණය මගින් මුදල් හා සැපයුම් කොට්ඨාශ පරිගණක මොඩියුලයන් යථාවත් කිරීමට කටයුතු අරඹා ඇති බව පැවසීය.
     
    එමෙන්ම වසර ගණනාවක් තිස්සේ අලාභය මත පැවති ත්‍රිකුණාමලය වරාය හා ගාලු වරාය ලාභ ලබන වරායන් බවට පත් කිරීමට  හැකිවු බවද රණතුංග මහතා තවදුරටත් පැවසීය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya