සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා ගනු ලබන පියවර ලිහිල් කරන්නේ නෑ

    ජනවාරි 03, 2017

    විදේශගත ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සදහා නීති රීති දැඩි කරන විට කූඨ ව්‍යාපාරිකයින් විදේශ රැකියා අමාත්‍යාංශයට නොයෙක් චෝදනා කරන බවත් කුමන අභියෝග පැමිණියත් විදේශ රැකියා සදහා පිටත්ව යන ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සඳහා ගනු ලබන පියවර ලිහිල් නොකරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    කිසිවෙකුටවත් බිය වී විදේශගත ශ‍්‍රමිකයින්ගේ ජීවිත උකසට තැබීමට කටයුතු නොකරන බවද විදේශගත ශ‍්‍රමිකයින්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් ගාල්ල නගර ශාලාවේදී පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

    එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

    විගමණික ශ‍්‍රමිකයින්ගේ දරුවන් ගැන කතා කරන විට සමාජයේ ඇති කතිකාව තරමක් වෙනස්. අද දරුවන් තාත්තා ළග දමා අම්මලා විදේශ රැුකියා සදහා පිටත්ව යනවා. තාත්තා බීමතට ඇබ්බැහි වෙලා දරුවන් සමාජයේ අනාථ වන ආකාරය ගැන තොරතුරු අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මෙතැන අද ඇවිත් ඉන්නේ එ් සියලූම කතා බිද දමා ජීවිතය ජයගන්නා දරුවන්. මේ දරුවන්ගේ අම්මලා තාත්තලා විදේශ ගත වෙලා ඉන්නේ මේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරිමටයි.

    අද වන විට මාධ්‍ය ඉතා ප‍්‍රභල තැනකට ඇවිත් තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවිත් අද ජනප‍්‍රිය වෙලා. එ්වා හරහා නැති දේවල් මවා පෙන්වනවා. ඇතැම් සුළු සිද්ධීන් විශාල සිදුවීම් ලෙස මවා පානවා. විදේශ රැකියාවක නිරත වෙමින් සිටියදී රෝගී තත්වයකට පත්ව රෝහලක සිටින මවක් ලංකාවට ගෙනවිත් දෙන්න කියලා ඉල්ලීම් පසුගිය සතියේ පත්තරයක පළ වෙලා තිබුණා. හැබැයි එ් ලිපිය දෙස බැලූවම විදේශ රැුකියා අමාත්‍යාංශය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා හිතෙන්න පුලූවන්. මේ ලිපිය දැකපු එක මහත්මයෙක් මට කතා කළා. එම කාන්තාව ගෙන්වා ගැනීමට රජයට මුදල් අවශ්‍ය නම් මුදල් වියදම් කිරීමට ඔහු සූදානම් බව කිව්වා. මම ඔහුට කිව්වේ විදේශ රැුකියාවල නිරතව සිටියදී කිසියම් කරදරයකට පත් වෙලා ඉන්න අයෙක් වේ නම් එ් අය ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලූම පියවර අපි අරගෙන තිබෙන බව මම පැහැදිළි කළා. එහෙම ගෙන්වා ගැනීමට නොහැකි වෙලා තිබෙන්නේ නීතිමය ප‍්‍රශ්ණ හෝ වෛද්‍ය උපදෙස් මත ඔවුන් ගෙන්වා ගැනීමට නොහැකි වන අවස්ථාවලදී පමණයි. මේ සිද්ධියේදීත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ තානාපති කාර්යාලය මැදිහත් වෙලා තිබෙනවා. එම කාන්තාවගේ රෝගී තත්වය පිළිබද සෑම දිනකම තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ගොස් සොයා බලනවා. රෝගී තත්වය සුවවූ පසුව ඇය ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මේවා ගැන විදේශ රැුකියා ඇමැතිතුමිය ඇතුළු කාර්යමණ්ඩලය මැදිහත් වෙනවා.

    මේ දරුවන් තමන්ගේ අම්මා හෝ තාත්තා විදේශ ගතව සිටියදී අධ්‍යාපන කටයුතු හොදින් කරගැනීමට කටයුතු කරනවා. අම්මා තාත්තාගේ මහන්සියට වටිනාකමක් ඔබ එකතු කර දී තිබෙනවා. එ් වගේම විදේශගත ශ‍්‍රමිකයින් ගැන මාධ්‍ය වල පළවන වාර්තාවන්ට ඔබ හොද උත්තරයක් ලබාදී තිබෙනවා. අපි මිලියන 670ක මුදලක් විගමනික ශ‍්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට වැය කර තිබෙනවා. මේ වසරේදී ශිෂ්‍යත්ව ලාභීන්ගේ සංඛ්‍යාව අඩුවී තිබෙනවා. ශිෂ්‍යත්ව ලාභීන්ගේ සංඛ්‍යාව දෙගුණ තුන්ගුණ වුනත් අපි ඔබට ශිෂ්‍යත්ව ලබාදෙනවා.

    සමහර විට අම්මා තාත්තා ජීවතුන් අතර නැති දරුවන් ඉන්න පුලූවන්. හරියට අපි වගේ. මම හැදුනේ තාත්තා නැතිව. මගේ තාත්තා නැතිවන විට මගේ වයස අවුරුදු එකොළහයි. 88-89 කාලයේදී දකුණේ තිබුණ තත්වය බරපතලයි. එ් කාලයේදී තාත්තා අපි හැර ගියා. තාත්තා නැතිව ජීවත් වන විට අපි විදින වේදනාව, පාලූව අපිට හොදට දැනෙනවා. ඔබේ අම්මා තාත්තා නැතිවෙලා නෑ. එ්ත් පාසල් යන කාලයේදී අම්මාගෙන් තාත්තාගෙන් ලැබිය යුතු උණුසුම ලැබෙන්නේ නෑ. තාත්තාගෙන් ලැබිය යුතු මග පෙන්වීම ඔබ ළග සිට ලැබෙන්නේ නෑ. ඔබේ අම්මා තාත්තා දකින්න ලැබෙන්නේ අවුරුද්දකට සැරයක් වෙන්න පුලූවන්. දෙකකට සැරයක් වෙන්න පුලූවන්. අම්මා තාත්තා නිතරම තමන් ළග නොමැතිවීම වේදනාවක්. අඩුවක්. හැබැයි නව යොවුන් වියට පා තබන දරුවන්ට අම්මාගේ තාත්තාගේ සෙනෙහස, ආශිර්වාදය අවශ්‍යයි. එ්ක දුරස් වුවත් මේ දරුවන් තමන්ගේ අදිශ්ඨානයෙන් ජීවිතය ගොඩ නගාගන්නවා. ඔබේ දෙමාපියන් මේ රටට විදේශ විනිමය ලබාදෙන ප‍්‍රධාන පිරිසයි. විදේශ රවටලට ගිහින් ඔබේ අම්මලා තාත්තාලා විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන හතක් විතර ලංකාවට එවීම ගැන ඔබ ආඩම්බර විය යුතුයි. නිශ්පාදන ආර්ථිකයකට යනවා වෙනුවට ශ‍්‍රමිකයින් විදේශ ගත කරලා මුදල් ඉපයීම ගැන රටක් ලෙස අපි ලැජ්ජා විය යුතුයි. එ් අතරේ රටට විදේශ විනිමය ගෙනඑ්ම සම්බන්ධයෙන් ඔබේ අම්මලා තාත්තලාට අපේ ප‍්‍රණාමය හිමිවිය යුතුයි.

    ඔබේ දෙමාපියන්ට විදේශ රටවලදී කිසියම් කරදරයක් වෙනවා නම් ඔවුන් ගැන අපි නිරන්තරයෙන් සොයා බලනවා. එ් වගේම දක්ෂතා දක්වන එ් දෙමාපියන්ගේ දරුවන්ගේ සුභසාධනය ගැන අපි නිරන්තර අවධානය යොමු කරනවා.

    විදේශ රැකියා ක්ෂේත‍්‍රයේදී කූඨ කටයුතු කරන පුද්ගලයින් නිසා තමයි මාධ්‍ය හරහා නොයෙක් නොයෙක් දේ ඇසීමට ලැබෙන්නේ. ඔබේ දෙමාපියන් විදේශ ගත වෙලා තිබෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමෙන් පසුවයි. ලියාපදිංචිවූ ශ‍්‍රමිකයින් ගැන වගේම ඔවුන්ගේ දරුවන් ගැනත් අපි සොයා බලනවා. තැරැව්කරුවන්, උප එ්ජන්තවරුන් හරහා නියමිත වීසා ලබා නොගෙන, ලියාපදිංචි නොවී අදටත් පුද්ගලයින් විදේශ රැකියා සදහා පිටත්ව යනවා. එ් අය බොරු පොරොන්දුවලට රැවටී නැවත ලංකාවට එන්න බැරිව සුරක්ෂා නිවාසවල රැුදී සිටිනවා. මේවායේ සිටින බහුතරය විදේශ සේවා නියුත්කි කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගතවූ අයයි. නියමිත ආකාරයෙන් විදේශ ගතවූ කාන්තාවන් දෙදෙනෙක්ගේ ජීවිත බේරාගෙන ලංකාවට ගෙන්වා ගැනීමට අපිට හැකියාව ලැබුණා.
    මේ නිසා තමයි අපි ශ‍්‍රමිකයින් විදේශගතවීමේදී තිබෙන නීති තද කිරීමට කටයුතු කරන්නේ. නීති තද කරන විට අපේ අමාත්‍යතුමියට හා අමාත්‍යාංශයට මාධ්‍ය මගින් පහර දෙනවා. නොයෙක් චෝදනා එල්ල කරනවා. නීති රීති බුරුල් වෙලා තිබුණා නම්, පුංචි දරුවන් ඉන්න අම්මලාට රට යන්න දෙනවා නම්, පුහුණුවක් නැතිව රට යන්න දෙනවා නම් කූඨ ව්‍යාපාරිකයින් මේ චෝදනා කරන්නේ නෑ. නීති රීති තද කරලා මේ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ ආරක්ෂාව සහතික කිරීම නිසා තමයි මේ ප‍්‍රශ්ණ ඇවිත් තිබෙන්නේ. හැබැයි මොන ප‍්‍රශ්ණ ආවත්, මොන අභියෝග ආවත්, මේ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම අපි ගන්නවා. කාගේවත් බය කිරීම්වලට යට වෙලා මේ දරුවන්ගේ අම්මලා තාත්තලාගේ ජීවිත උකසට තැබීමට අපි කටයුතු කරන්නේ නෑ.

    මේ අවස්ථාව සදහා විදේශ රැුකියා අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්.විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති රාජ් ඔබේසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya