සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුප්පත්කම තුරන් කිරීමේ ජනපති ඉලක්කයේ වැඩි වගකීම සමෘද්ධියට

    ජනවාරි 03, 2017

    දුප්පත්කම තුරන් කිරීමේ ජනපති ඉලක්කය සපුරා ගැනීමේ වැඩි වගකීම ඇත්තේ තම අමාත්‍යාංශයට බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

    2017 වසරේ මෙම ඉලක්කය සපුරා ගැනීමට නම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5,000 ක් පමණ පිරවිය යුතු බව නව වසරේ අමාත්‍යාංශ ඉලක්ක පිළිබඳව ඊයේ (02) අමාත්‍යාංශ නිලධාරීන්ගේ රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    සමෘද්ධි ව්‍යාපාරය හරහා අප විසින් ගොඩ නැගූ බැංකු ව්‍යාපාරය, සමාජ ආරක්ෂණ ව්‍යාපාරය, නිවාස සංවර්ධන වැඩ වැනි දේ ශක්තිමත් ලෙස ගොඩ නැගුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා නමුත් පසුගිය 10 අවුරුද්දක කාලයේ දී මේ බැංකුවල තිබූ මුදල් කුඩා ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සඳහා ප්‍ර‍මාණවත් ලෙස කළමනාකරණය කර නොතිබුණු බව ද පෙන්වා දුන්නේය.

     

    දැන් අප මේ මුදල් වලට වැඩි පොලී ලබා ගත හැකි තැන්වල ආයෝජනය කරන්න විවෘත ටෙන්ඩර් කිරීම් හරහා සමාගමක් තෝරාගෙන තිබෙනවා. ඒ වගේම මේ මුදල් රාජ්‍ය මුදල් නොවන නිසා පසුගිය කාලයේ විගණනය කිරීම් නිසි ලෙස සිදු වී තිබුනේ නැහැ. අප එයත් පුද්ගලික සමාගමකට බාරදුන්නා. ඊළඟට අපේ වගකීම තමයි මෙරට  97% ක් වන කුඩා ව්‍යවසායකයන්ට මුල ධනය සැපයීම.මෙම කුඩා ව්‍යාවසායකයන්ට මුල ධණය සැපයීම අප මේ වසරේ වේගවත් කරනවා 100 %කින් හේතුව ගම්මාන වල වසංගතයක් වී තියෙන ගිනි පොලී මාෆියාව වහාම ගම්මාන වලින් තුරන් කර දැමිය යුතුයි.

     

    පුරප්පාඩු පිරවීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර තිබෙන අතර ජනාධිපතිතුමා මේ වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස නම් කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya