සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුපක්

    ජනවාරි 03, 2017

    2017 වර්ෂය තුළ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

     නව වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා විදේශ රැකියා අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ඊයේ (02) ඇය මේ බව සඳහන් කළාය.

    මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් යන තේමාව යටතේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රතිපත්ති මාලාවට අනුව විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීමට දුන් පොරොන්දුව නව වසරේ කි‍්‍රයාත්මක කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවත්, මෙම ප‍්‍රතිපත්ති මාලාවේ විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ලබාදුන් පොරොන්දු තුනෙන් දෙකක් මේ වන විට ඉටුකිරීමට හැකිවී තිබෙන බවත් අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.


    ඒ අනුව පසුගිය 2016 වසරේ ජනවාරි මස 08 දින කි‍්‍රයාත්මක කළ ශ‍්‍රමික සුරැකුම වැඩසටහන, තවදුරටත් විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන බවත්, ඒ හරහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිළධාරීන්ට ලබාදුන් වගකීම තවදුරටත් ලබාදෙමින් කටයුතු කිරීමට සූදානම් බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    මෙම අවස්ථාවට විදේශ රැුකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, සාමාන්‍යාධිකාරී කේ. ඕ.ඩී.ඩී.ප‍්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන ඩබ්.එන්.වන්සේකර, චේකා පේ‍්‍රමසිරි යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya